හිටපු උසස් අධ්‍යාපන ඇමති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා මාළඹේ ස්ලිට් ආයතනයේ අයිතිය රජයෙන් මුදවා සූක්ෂ්ම ලෙස පුද්ගලික කණ්ඩායමක් අත්පත් කරගත් ආකාරය ගැන වීඩියෝවක් පළකරමින් හෙළි කර තිබේ. ඔහු එය බේරාගැනීමට දැරූ ප්‍රයත්නයක් ගැනද කියමින් ඔහු පවසන කතාව මෙසේය.
දෙදහස් දහ අටේ මැයි මාසයේදී මා උසස් අධ්‍යාපන සහ සංස්කෘතික ඇමතිවරයා විදිහට පත් වුණු අවස්ථාවේදී, මහපොළ භාරකාර අරමුදල මගේ අමාත්‍යාංශය යටතේ පැවති නිසා, එහි පළමුවැනි රැස්වීමට සහභාගී වීම සඳහා මම ඊට අදාළ නිල වාර්තාවන් අධ්‍යයනය කළා.
ඒ අවස්ථාවේදී තමයි මුල් වතාවට අපට දැනගන්න ලැබුණේ, මහපොළ භාරකාර අරමුදල සතුව තිබුණු මාලඹේ උසස් තාක්ෂණ ආයතනය මහපොළ භාරයෙන් ඉවතට ගෙන ඉල්ලා තිබුණු බව. ඒ පිළිබඳව මම කරුණු පරීක්ෂා කරනකොට, ඒක මම දැනගත්තා ඉතාමත්ම සූක්ෂම විදිහට කරපු වංචාවක් බව.
මහපොළ භාරකාර අරමුදල යටතේ ඇති කරන ලද මාලඹේ උසස් තාක්ෂණ ආයතනය පාලනය කිරීම සඳහා, ඒ උසස් තාක්ෂණ ආයතනය පාලනය කිරීමට ගැරන්ටි සමාගමක් ස්ථාපනය කර තිබුණා. ඒ සමාගමේ අධ්‍යක්ෂවරුන් විදිහට මතකය අනුව 8 දෙනෙක් පමණ පත්කරනු ලැබුවා. ඒ අටදෙනාම රජයේ නිලතල දරන නිලධාරීන් තමයි බෝඩ් එකේ අධ්‍යක්ෂවරුන් විදිහට ඉදිරිපත් කළේ.
ඒ අවස්ථාවේදී, හිටපු වෙළඳ අමාත්‍ය කිංස්ලි වික්‍රමරත්න මැතිතුමාගේ බෑණනුවන් කෙනෙක් වන මහාචාර්ය ලලිත් ගමගේ මහත්මයා, එම සමාගමේ අධ්‍යක්ෂවරයෙක් විදිහට පත් කළා. ඔහුව එවකට මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණය පිළිබඳ මහාචාර්යවරයෙක් විදිහට කටයුතු කරපු නිසා ඔහුගේ සම්බන්ධය නිසා තමයි ලක්ෂ්මන් රත්නායක කියලා තවත් මහාචාර්යවරයෙක් මේකෙ අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කරලා තිබුණේ.
එතකොට මේ දෙදෙනා එකතු වෙලා කරපු කාරණය තමයි, රජයේ නිලධාරීන් ඒ කියන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, වෙළඳ අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය යනාදී අමාත්‍යාංශවලින් පත්කරපු අධ්‍යක්ෂවරුන් විශ්‍රාම ගැනීමේදී, රජය ඒ පිළිබඳව තැකීමක් නොදක්වපු අවස්ථාවේ, ඒ මහාචාර්ය රත්නායක මහත්මයාත් ගමගේ මහත්මයාත් ඔවුන්ගේ හිත මිත්‍රයන්ගෙන් මේ තනතුරු සියල්ල පුරවලා තියෙනවා.
ඒ අනුව මේක රජයටත් නොදැනීම පෞද්ගලික අධ්‍යක්ෂවරුන් පාලනය කරන උසස් තාක්ෂණික සමාගමක් බවට පත්වෙලා තිබෙනවා. ඊට අමතරව මේක ප්‍රයෝජනයට අරගෙන කුමන්ත්‍රණයේ දෙවෙනි කොටස විදිහට මේ දෙදෙනා යොදා ගත්තා, ආචාර්ය වික්‍රම වීරසූරිය මහත්මයා මෙහි අයිතිය පැහැර ගැනීමේ කාරණය සම්බන්ධයෙන්.
ආචාර්ය වික්‍රම වීරසූරිය මහත්මයා මුලින්ම කරේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුර ලබාගැනීම. ඒ ලබාගැනීමෙන් අනතුරුව ඒ බලය යොදාගෙන ඔහු උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ තිබෙන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සාමාජිකයෙක් වුණා.
ඒ ආකාරයටම ඔහු වෙළඳ අමාත්‍යාංශය සම්බන්ධ කරගෙන වෙළඳ අමාත්‍යවරයා හරහා මහපොළ උසස් භාරකාර අරමුදලේ සාමාජිකයෙක් බවටත් පත්වුණා. එතකොට ඔහු ජනාධිපති කාර්යාලය, මහපොළ අරමුදල, එතකොට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියන මේ තුන තුළම ඔහුගේ බලය රඳවා ගත්තා.
ඒ අනුව ඔහු මහපොළ භාරකාර අරමුදල් මණ්ඩලයේ කිසිදු අනුමැතියක් නැතිව, මෙම විශ්ව විද්‍යාලය රුපියල් මිලියන හාරසිය හයක මුදලක් සඳහන් කරලා පවරා දුන්නා අර උසස් තාක්ෂණ ගැරන්ටි සමාගමට. එතකොට මේ සම්බන්ධව පරීක්ෂණයක් කළා. එතෙන්දි මේ මහපොළ උසස් අධ්‍යාපන භාරකාර අරමුදලේ සභාපති වන්නේ නිල වශයෙන් එවකට සිටින අගවිනිසුරුතුමන්.
ඒ අනුව අපි සොයා බැලුවා එවකට හිටපු අග්‍රවිනිශ්චයකාර කේ. ශ්‍රී පවන් මැතිතුමාගෙන් මෙවැනි යෝජනාවක් භාරකාර මණ්ඩලය සම්මත කළාද කියලා. එතුමා පැහැදිලිව සඳහන් කළා එහෙම යෝජනාවක් සම්මත කළේ නෑ කියලා. ඒ වගේම ඒ භාරකාර අරමුදලේ මිනිට්ස් ටික අරගෙන බලපුවාම එවැනි යෝජනාවක් සම්මත කරලා නෑ.
වික්‍රම වීරසූරිය සහ එවකට ඔහුගේ අවශ්‍යතාවය පරිදිම එම භාරකාර අරමුදලට තවත් නීතිඥවරයෙක් පත් කරගෙන හිටියා. ඒ දෙදෙනා පමණයි මේ ගිවිසුමට අත්සන් කරලා තිබෙන්නේ.
ඒ අනුව අපි කරපු පරීක්ෂණයෙන් එළිදරව් වුණා, අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මැතිතුමාට වික්‍රම වීරසූරිය මහත්මයා නියෝජනය කරලා තියෙනවා කරුණු ඉදිරිපත් කරලා තියෙනවා, අර මහපොළ අරමුදලට විසින් මාලඹේ ස්ලිට් උසස් තාක්ෂණික ආයතනයේ ණයක් එන්න තිබෙනවා, ඒ ණය වෙනුවෙන් ගෙනාපු රුපියල් මිලියන 406 භාරගන්න කියලා.
නමුත් ඔප්පු ලියලා තිබෙන්නේ ඒ ණයක් ලබා ගැනීමක් සම්බන්ධව නෙමෙයි. එහෙම ණය දීමක් සිද්ධ වෙලා තිබුණේ නැහැ. ඒ ආයතනය මුළුමනින්ම මහපොළ භාරකාර අරමුදලේ මුදල්වලින් තමයි ඉදිකරනු ලැබුවේ. ඒකට තමයි එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය අක්කර 25 මාලබේ ප්‍රදේශයෙන් ලබා දීලා තියෙන්නෙ. එතකොට මේ ආයතනය ඒ ගිවිසුමත් සමඟ දෙදහස් පහළොවේ සම්පූර්ණයෙන් ඔවුන්ගේ පාලනයට අරගෙන තිබුණා.
ඒ අනුව මම කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළා. මෙතන ලොකු වංචාවක් වෙලා තිබෙනවා. රුපියල් මිලියන, එවකට ගත්තොත් එය මිලියන විසි දාහකට වැඩිය, අද නම් මිලියන පනස් දාහකට වැඩි වටිනාකමක් තිබෙන ස්ලිට් ආයතනය රුපියල් මිලියන 406ක චෙක් පතකට, ඒ කියන්නේ ඒකත් ලලිත් ගමගේගේ හෝ ලක්ෂ්මන් රත්නායකගේ මුදල් නෙමෙයි. ඒ උසස් තාක්ෂණික ආයතනයේ මුදල්. ඒකට මුදල් ආයෝජනය කරලා තියෙන්නේ මේ මහපොළ භාරකාර අරමුදල. මහපොළ භාරකාර අරමුදලේ එම රුපියල් මිලියන හාරසිය හයක් චෙක් එකකින් දීලා ඒක ලියාගත්තා තමුන්ගේ පෞද්ගලික බූදලයක් විදියට.
මේ කරුණු අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරපු හැම අමාත්‍ය මණ්ඩලයේ මේකට සම්බන්ධ දෙතුන් දෙනෙක් විරුද්ධ වුණා. නමුත් අමාත්‍ය මණ්ඩලය එකඟතාව පළ කළා මෙය නැවත ලබාගන්න. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රකාශ කළා මේ පිළිබඳව එතුමාට දැනීමක් තිබුණේ නෑ, වික්‍රම වීරසූරිය කෙරෙහි විශ්වාසය තබලා තමයි එතුමා කැබිනට් පත්‍රිකාවට අත්සන් කළේ කියලා.
Comments
Post a Comment
Your comment will be visible after approval