ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන් සඳහා නව ඩිජිටල් ජාතික හැඳුනුම්පතක් හඳුන්වා දීමේ ව්‍යාපෘතියේ ඉදිරි පියවරක් ලෙස, අදාළ පද්ධතිය සැකසීම සඳහා ඉන්දියානු සමාගම් වෙතින් ටෙන්ඩර් පත් කැඳවා ඇති බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙම දැවැන්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 10.4 ක මූල්‍ය ප්‍රදානයක් ලබා දී ඇති අතර, තෝරාගත් සමාගම් වෙත සිය යෝජනා ඉදිරිපත් කිරීම සඳහා මාස හතරක කාලයක් වෙන් කර තිබේ.
තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ප්‍රකාශ කළේ, ටෙන්ඩර් ක්‍රියාවලිය සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව, ලබන වසරේ මැද භාගය වන විට මහජනතාව වෙත නව ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීම ආරම්භ කිරීමට රජය අපේක්ෂා කරන බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval