ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, හිටපු ජනාධිපතිවරයෙකු වන බරක් ඔබාමාව අත්අඩංගුවට ගන්නා අයුරු දැක්වෙන, කෘත්‍රිම බුද්ධිය (AI) මගින් නිර්මාණය කරන ලද වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ. මෙහි විශේෂ කරුණ නම් ට්‍රම්ප් විසින් එය හුවමාරු කිරීමයි.මෙම වෛරල් වීඩියෝවට අනුව, ධවල මන්දිරයේ ඕවල් කාර්යාලය තුළදී FBI නිලධාරීන් විසින් බරක් ඔබාමාව අත්අඩංගුවට ගනු ලබයි.
වීඩියෝවේ දැක්වෙන පරිදි, ඔබාමා ට්‍රම්ප් අසල අසුන්ගෙන සිටින අතරතුර FBI නියෝජිතයින් තිදෙනෙකු පැමිණ ඔහුගේ කමිස කොලරයෙන් ඇද, තල්ලු කර බිම දමා දෑතට මාංචු පළඳවයි. මෙම සිදුවීම දෙස බලා සිටින ට්‍රම්ප් සිනහවක් පා කරන අතර,
වීඩියෝව අවසානයේ ඔබාමා සිරගෙයක ඇඳුමකින් සැරසී කුටියක සිටින අයුරු නිරූපණය කර ඇත.
මෙම වීඩියෝව ආරම්භ වන්නේ, "කිසිවෙකු, විශේෂයෙන්ම ජනාධිපතිවරයෙකු පවා නීතියට ඉහළින් නොසිටියි" යනුවෙන් ඔබාමා විසින් සිදුකළ පැරණි ප්‍රකාශයකිනි. ඉන් අනතුරුව, "කිසිවෙකු නීතියට ඉහළින් නැත" යනුවෙන් පුනරුච්චාරණය කරන ජෝ බයිඩන් ඇතුළු ඩිමොක්‍රටික් පක්ෂ නායකයින් කිහිප දෙනෙකුගේ වීඩියෝ දර්ශනද ඊට එක්කර තිබේ.
මෙය හුදෙක් මනඃකල්පිත දර්ශනයක් බවට හෝ ව්‍යාජ වීඩියෝවක් බවට ට්‍රම්ප් පාර්ශ්වයෙන් කිසිදු පැහැදිලි කිරීමක් සිදුකර නොමැත. මෙම ක්‍රියාව හේතුවෙන් ට්‍රම්ප් දැඩි විවේචනයට ලක්ව ඇති අතර, බොහෝ දෙනෙකු මෙය 'ප්‍රකෝපකාරී' ක්‍රියාවක් ලෙස හඳුන්වා ඇත. හිටපු ජනාධිපතිවරයෙකු විසින් මෙවැනි ව්‍යාජ වීඩියෝවක් බෙදාහැරීම ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරුදායක විය හැකි බවටද අදහස් පළ වී තිබේ. ඇතැමුන් පවසන්නේ මෙය එප්ස්ටයින් සිද්ධියෙන් අවධානය වෙනතකට යොමු කිරීමේ උත්සාහයක් බවයි.
මීට සති කිහිපයකට පෙර ට්‍රම්ප්, 2016 මැතිවරණයේදී තමාට එරෙහිව වංචනික කුමන්ත්‍රණයක් සැලසුම් කළ බවට ඔබාමා පරිපාලනයට චෝදනා කළේය.
ඇමරිකාවේ හිටපු ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂිකා තුල්සි ගබාර්ඩ්ද, 2016 මැතිවරණයේදී ට්‍රම්ප්ට එරෙහිව අක්‍රමිකතා සිදුවූ බවට චෝදනා කර තිබිණි.
ගබාර්ඩ් ප්‍රකාශ කර තිබුණේ, ට්‍රම්ප්ගේ 2016 ජනාධිපතිවරණ ජයග්‍රහණය රුසියාවේ උදව්වෙන් සිදුවූවක් බව ඔප්පු කිරීම සඳහා ඔබාමා සහ ඔහුගේ පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්ව දේශද්‍රෝහී කුමන්ත්‍රණයක් දියත් කළ බවයි. ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් පසු ඔබාමා සහ ඔහුගේ ඉහළ නිලධාරීන් වසරක් පුරා පැවති 'කුමන්ත්‍රණ සැලැස්මක්' ක්‍රියාත්මක කළ බවත්, ඔවුන් ව්‍යාජ බුද්ධි තොරතුරු නිර්මාණය කර රුසියාව ඇමරිකානු මැතිවරණයට බලපෑම් කළ බවට හැඟවෙන පරිදි එය ඉදිරිපත් කළ බවත් ඇය පැවසුවාය.
මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ වූවන් කොතරම් බලවත් වුවත් ඔවුන් පිළිබඳව පරීක්ෂණ පවත්වා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත්, එසේ නොකළහොත් ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි මහජන විශ්වාසය බිඳ වැටෙනු ඇති බවත් ගබාර්ඩ් අවධාරණය කර ඇත.
ට්‍රම්ප්ගේ මෙම හාස්‍ය වීඩියෝව ඹහුගේම සමාජ මාධ්‍ය ගිණුමකින් එලියට දමන්නේ මෙම පසුබිම මැදය.Video Below
Comments
Post a Comment
Your comment will be visible after approval