
නවසීලන්ත ජාතික සංචාරක කාන්තාවකට ලිංගික අතවරයක් සිදුකළ බවට චෝදනා එල්ල වූ 81 හැවිරිදි විහාරාධිපති ස්වාමින්වහන්සේ නමක ඊයේ සවස කාලයේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි හෙලි කරයි. මෙම සිදුවීම උණවටුන ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක සිදුවී ඇත.
සංචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින 41 හැවිරිදි නවසීලන්ත ජාතික කාන්තාවක් ඊයේ දිනයේ අදාළ විහාරස්ථානයට පැමිණ ඇත. ඇය විහාරස්ථානයට ගිය අවස්ථාවේ විහාරාධිපති ස්වාමින්වහන්සේ ඇයට ආහාර පාන සැපයීමෙන් අනතුරුව කාමරයකට යන ලෙස උපදෙස් දී ඇත.
පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වන්නේ කාන්තාව කාමරයට ගිය විගසම විහාරාධිපති ස්වාමින්වහන්සේ ඇය පසුපස ගොස් ඇයව වැළඳගෙන ඇති බවයි. මෙම සිදුවීමෙන් පසු කාන්තාව උණවටුන සංචාරක පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ගොනුකර ඇත.
උණවටුන සංචාරක පොලිසියට ලද පැමිණිල්ල මත පොලිස් සංචාරක කොට්ඨාස අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී ප්‍රභාත් විදානගමගේ මහතාගේ හා උණවටුන පොලිස් සංචාරක කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අමිල ප්‍රියංකර යන අයගේ උපදෙස් පරිදි පොලිස් සැරයන් 681032 රණසිංහ නිලධාරියා ඇතුළු කන්ඩායමක් අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර පසුව හබරාදුව පොලිසිය වෙත භාරදී තිබේ.
ලිංගික අතවරයට ලක්වූ නවසීලන්ත ජාතික කාන්තාව වෛද්‍ය පරීක්ෂණ සඳහා කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටී.
හිමි නම අධිකරණයවට ඉදිරිපත් කිරීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval