රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාට වැඩතහනමට ලක්ව ඇති කාලසීමාව තුළ වැටුපෙන් අඩක් ගෙවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.ඒ අනුව ඔහුට වැඩ තහනම්කර සිටින
කාලයේදී වැටුපෙන් අඩක් පමණක් ගෙවීමට නියමිත බව ද ඇමැතිවරයා සඳහන් කළේය. අනීතික ලෙස සිරකරුවන් පිරිසක් නිදහස් කිරීම සම්බන්ධ සිදුවීම පිළිබඳ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් සහ අධිකරණ අමාත්‍යාංශයෙන් විමර්ශන ක්‍රියාත්මක බවත් එම විමර්ශනවලට බාධා නොවන ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයා වැඩ තහනමට ලක්කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා තවදුරටත් මෙසේද සඳහන් කළේය.
“මේ ජනාධිපති සමාව දීම පළමුවැනි වතාවට සිදුවීමක් නෙමෙයි. ජනාධිපති සමාව යටතේ අයථා ක්‍රියා සිදුවන බවට වාර්තා වූ පළමුවැනි අවස්ථාව මෙයයි. මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සහ අධිකරණ අමාත්‍යාංශයෙන් විමර්ශන ක්‍රියාත්මකටනවා. ඒ විමර්ශනවලට බාධා නොවන ලෙස තමයි බන්ධනාගාර කොමසාරිස්වරයා වැඩ තහනමට ලක්කළේ.
ඒ අනුව කළ පරීක්ෂණවලදී මීට කලිනුත් මෙවැනි සිදුවීම් සිදුව ඇති බව හෙලිදරව්වෙලා තියෙනවා. 2024 නත්තල් දිනයේදී රැඳවියන් 332 කට පොදු සමාව ලබාදී තිබුණත් 389 ක් නිදහස් කිරිම සම්බන්ධයෙන් තවත් පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙනවා. මේ ප්‍රධානීන්නට අමතරව තවත් අය සිටීනම් ඒ අයටත් නීතිය ක්‍රියාත්මක වෙනවා.
ප්‍රශ්නය : මෙතැන දී බන්ධනාගාර කොමසාරිස්වරයාට අමතරව අධිකරණ අමාත්‍යවරයාටත් ඇතුළු රජයට වගකීමක් තියෙනවා නේද?
පිළිතුර- ජනාධිපති ලේකම්වරයාගේ ලේඛනයේ නම නොමැති අයකු නිදහස් කිරීම ගැන තමයි මේ ප්‍රශ්නය පැන නැගලා තියෙන්නේ,
ජනාධිපති සමාව යටතේ වැරදි විදියට පුද්ගලයන් නිදහස් කිරිමට සම්බන්ධවූවන්ට තමයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ. අධිකරණ අමාත්‍යවරයා හෝ ජනාධිපති ලේකම්වරයා හෝ වගකියන්න ඕන කියලා මේ ප්‍රශ්නය පටලවලා චූදිතයන් ගලව ගන්න දෙන්න බැහැ. සියලු පරීක්ෂණ සිදුකරනවා වගේම අදාළ චූදිතයන් නීතිය හමුවට ගේනවා.
Comments
Post a Comment
Your comment will be visible after approval