යාපනයේ පුත්තූර් ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකු විසින් දඬුවම් කිරීමෙන් පසු, එම ශිෂ්‍යයා නිවසට ගොස් කෘමිනාශක පානය කළ අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වේ.
සිදුවීම පිළිබඳ වැඩිදුර විස්තර අනුව පුත්තූර් ප්‍රදේශයේ පිහිටි පාසලක අධ්‍යාපනය ලබන අදාළ ශිෂ්‍යයා,
ගුරුවරයාගේ අවසරයකින් තොරව ක්‍රීඩා උත්සවයකට සහභාගී වීම හේතුවෙන් දඬුවමකට ලක් කර ඇත.
මෙයින් කලකිරී ඇති සිසුවා දවස පුරා කල්පනාකරමින් ගත කර ඇති අතර
ඉන්පසු නිවසට ගිය ශිෂ්‍යයා, කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා නිවසේ තබා තිබූ කෘමිනාශක පානය කර තිබේ.
අසාධ්‍ය බව හඳුනාගත් විවැසියන් සිසුවාව වහාම රෝහලට ඇතුළත් කර ඇත.
යාපනය-පුත්තූර් ප්‍රදේශයේ පිහිටි පාසලක සාමාන්‍ය පෙළ පන්තියේ
අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙකු මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණපා ඇත.
දඬුවම් දුන් අදාළ ගුරුවරයා මීට පෙර ද පෞද්ගලික අධ්‍යාපන ආයතනයක ශිෂ්‍යයෙකුට පොල්ලකින් පහර දුන් බවට චෝදනා ලැබූ පුද්ගලයෙකු බව වාර්තා වේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිවරයාගෙන් මාධය විමසීමක් කළත් විදුහල්පති පවසා ඇත්තේ තමා නිවාඩුවක සිටින බවත්, ගුරුවරයා ශිෂ්‍යයාට බැන වැදුණු බව හා පසුව නිවසට ගිය ශිෂ්‍යයා කෘමිනාශක පානය කළ බව පමණක් දැනගත් බවයි.
මෙම සිදුවීම පාසල් ප්‍රජාව තුළ කම්පනයක් ඇති කර ඇති අතර, ශිෂ්‍ය විනය පවත්වාගැනීමේදී ගුරුවරුන් විසින් අනුගමනය කළ යුතු ක්‍රමවේද පිළිබඳව යළි සලකා බැලීමේ අවශ්‍යතාවය මතු කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval