අද (6) දිවයින ප්‍රරා ස්ථාන රැසක හදිසියේ විදුලිය විසංදිවීම් වාර්තා විය. උදෑසන 7.40 ට පමණ විදුලි සැපයුම ඇණහිටි නිසා මාර්ග සංඥා පුවරු ක්‍රියාත්මක නොවීමෙන් නාගරිකව මාර්ග තදබදයන්ද වාර්තා විය.
කෙසේ වෙතත් මිනිත්තු 20 ක පමණ කාලයකින් උදෑසන 8 ට පමණ ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුම යථා තත්වයට පත්වූ බවට වාර්තා කර තිබේ. ඇතැම් ප්‍රදේශ ඉදිරියේදී යථා තත්වයට පත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම හදිසි විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් ලංවිම තවම කිසිවක් ප්‍රකාශ කර නැත.