පොල් මිලට විසඳුමක් ලෙස ආනයනය කළ කැබිලි පොල් රට පුරා බෙදා හැරීමට නියමිත බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය හා කර්මාන්ත අමාත්‍යාංශය පවසයි. මෙම තොගය 2025 මාර්තු මාසයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පසු පොල් ගෙඩි මිලියන 200කට සමාන පරිමාවක පොල් ආශ්‍රිත නිෂ්පාදන අතර ශීත කළ පොල් මඳ, පොල් කිරි හෝ පිටි කුරුට්ට සහිත කැබලි පොල් (කොප්පරා නොවන) ආනයනය සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහන යටතේ ගෙන්වන ලද පළමු තොගය වේ.
පොල් කර්මාන්තය ආශ්‍රිත කර්මාන්තකරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය සපායාදීම හා ඒ තුළින් දේශීය වෙළෙඳපොළ තුළ පාරිභෝගික ජනතාවට පොල් මිල පහත හෙළීමේ අරමුණින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය හා කර්මාන්ත අමාත්‍යාංශය විසින් ඒකාබද්ධව යොමු කළ කැබිනට් අනුමැතියට අනුව ක්‍රියාත්මක කරනු ලබන කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ වැඩසටහන යටතේ ආනයනය කරන ලද පළමු පොල්කිරි තොගයද මේ වන විට නිෂ්කාශන කටයුතු හා රසායනාගාර පරික්ෂා කටයුතු සිදු කරනු ලබයි.
මෙම තොගය පොල් කිරි පිටි කර්මාන්තය සඳහා යොදා ගැනීමට නියමිත අතර මේ තුළින් කර්මාන්ත සඳහා අවශ්‍යය අමුද්‍රව්‍ය ලබා ගෙන දේශීය වෙළෙඳපොළ තුළ පොල් මිල පහත බසිනු ඇති බවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය අපේක්ෂා කරනු ඇත.
එමෙන්ම මෙම ගෙන්වන ද්‍රව්‍ය කොළඹ වරායේදී ශාඛා නිරෝධායන ආයතනයක ප්‍රමිති ආයතනය පොල් පර්යේෂණ ආයතනය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු පරීක්ෂා කළ යුතු සියලු ආයතනවලින් අනුමැතිය ලැබීමෙන් පසු කර්මාන්ත ශාලාවලට මුදා හැරීමට නියමිතය.