receives-one-million-each-from-the-government-and-muthugala-sir-ishaq-beg-fund-reaches-one-crore


ප්‍රවීණ ගායක ඉෂාක් බෙග් මේ වනවිට කොලොන්නාව නිවසේ අසනීප තත්වයෙන් පසුවන බැවින් ඔහුගේ රෝග තත්වයන් සඳහා ප්‍රතිකාර පිණිස කෝටියක පමණ මුදල් අවශ්‍යව ඇති බවට පසුගිය සතියේ ගායක ගායිකා සංගමයෙන් ආයාචනයක් කර තිබුණි.


ලංකාවේ බෞද්ධ ගීත ගායනයෙන් දශක ගණනාවක් තිස්සේ සිත් පහන් කළ බෞද්ධයෙකු නොවන මොහිදින් බෙග් ගායකයාගේ පුතෙකු වන ඉෂාක් බෙග්ද පියා අනුව යමින් එම මෙහෙවරට දායකවූ ගායකයෙකි.
මෑතක සිට ඔහු අසනීප තත්වයෙන් පසුවන නමුත් ඔහුගේ රෝග තත්වය කුමක්දැයි ප්‍රසිද්ධ කර නැත.


ඔහු වෙනුවෙන් මුදල් අවශ්‍යව ඇරඹළුූ අරමුදලට ගායක ගායිකා සංගමය මුදල් පරිත්‍යාග සඳහා ඉෂාක් බෙග්ගේ පුද්ගලික බැංකු ගිනුම් අංකයක් ප්‍රසිද්ධ කළ අතර මේ සඳහා විවිධ අය තම හැකි පමණින් ආධාර මුදල් ලබාදෙන ලදි.
ඒ අතරින් වැඩිම ආදාර ප්‍රමාණය උපකාරක පන්ති ගුරුවරයෙකු වන දිනේෂ් මුතුගල හා රජය වෙනුවෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා මිලියනය බැගින් ලබාදී ඇත.
අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ගායන ශිල්පී ඉෂාක් බෙග් මහතාගේ සුවදුක් විමසීම සඳහා කොලොන්නාවේ පිහිටි ඒ මහතාගේ නිවෙසටද අද ගොස් තිබූ අතර


එහිදී ඉෂාක් බෙග් මහතාගේ ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදලින් ලබා දීමට පොරොන්දු වූ රුපියල් 1,000,000 ක චෙක් පත ද ඒ මහතා වෙත පිරි නැමීම මෙහිදී සිදු විය.
දිනේශ් මුතුගල මහතා ගායක ගායිකා සංගමයෙන් මෙම තොරතුරු විමසීමෙන් පසු  බෙග් මහතාගේ ගිණුම් අංකයට මිලියනයක මුදල ඔන්ලයින් ගෙවීමක් කළ බවද වාර්තා විය.
ඉෂාක් බෙග් වෙනුවෙන් අරමුදල් එක්රැස් කිරීමට ගායක ගායිකා සංගමයේ සභාපති ගායක රොහාන් බුලේගොඩ “ ඉෂාක්ට කෝටියක්” ව්‍යාපෘතිය ආරම්භ කර තිබූ අතර ඔහු පවසා තිබුනේ මෙම කෝටියක මුදල මේවනවිටත් සම්පූර්ණ වී ඇති බවයි.
තමන් වෙනුවෙන් දැක්වූ සහයෝගයට කෘතඥවන බව ඉෂාක් බෙග් මහතා අදහස් දක්වමින් පැවසුවේය.