police-inspector-high-court-catches-drug-addict-geeta

 ජා-ඇළ, දඬුගම ප්‍රදේශයේ ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන "කුඩු ගීතා'' නමින් ප්‍රකට පුද්ගලයකුව හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ජා-ඇළ පොලිස් ස්ථානයේ ''හයිකෝට් බබා'' නමින් ජාවාරම්කරුවන් අතර ප්‍රකට උප පොලිස් පරීක්ෂක පුලස්ති සමරතුංග මහතා ඇතුළු නිලධාහු පිරිසක්

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුව හෙරොයින් ග්‍රෑම් 41.89ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. ජාවාරම්කරුගේ ගෝලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් පසුව අනාවරණය කරගත් තොරතුරු අනුව ඉතා ඉහළ මිල ගණන් ගෙවා තැනින් තැන සුඛෝපභෝගී කාමරවල නවාතැන් ගෙන ජාවාරම කරගෙන ගිය සැකකරු කනුවන ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබිණි.




 සැකකරු දිනකට මත්ද්‍රව්‍ය ලෝලීන් සඳහා හෙරොයින් පැකට් 400ක් පමණ අලෙවි කර ඇතැයි පොලිස් නිලධාරි මහතකු පවසා සිටියේය. ජා-ඇළ ප්‍රදේශයේ මේ දිනවල හෙරොයින් ග්‍රෑම් එකක් රුපියල් 20,000 (විසිදහසක) පමණ මිලකට අලෙවි වන බව පැවසෙයි. අත්අඩංගුවට ගත් සැකකරු හා හෙරොයින් වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.