කඩුවෙල මහනගර සභාවේ නගරාධිපතිවරයා ලෙස ජාජබයේ රන්ජන් ජයලාල් මහතා එම ධුරයේ වැඩ ආරම්භ කිරීම අද දිනයේ සර්ව ආගමික නායකයන් ඇතුළු පිරිසක් ඉදිරියේ කඩුවල නගර සභා කාර්යාලයේ සිදුවිය.
නගරාධිපතිවරයා පූජ්‍ය පක්ෂයට ආචාර කිරීමට යාමේදී ඔහු ආසන්නයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෞෂල්‍යා ආරියරත්නගේ පයට පැගී තිබූ කිසියම් වයරයක අනෙක් කෙළවරේ නගරාධිපතිවරයාගේ සපත්තුව පැටළුණ අතර එයින් ඇදී ගිය ඔහු ඇද වැටීමකට ලක්වූයේය. ඔහු ස්වාමීන් වහන්සේ නමක වෙතට පතිත විය. නමුත් හානියක් නොවුණි.
සර්ව ආගමික නායකයන් ඇතුළු පිරිස කඩුවෙල මහනගර සභාවේ නගරාධිපති රන්ජන් ජයලාල් මහතාව වහා අල්ලා බේරාගත්තේය. ඔහු අනතුරුව ආගමික වතාවත්වල නිරතවී නගරාධිපති ධූරයේ වැඩ භාරගත්තේය.
Comments
Post a Comment
Your comment will be visible after approval