jackfruit-falling-into-pregnant-mothers-stomach-causes-miscarriage

කෑගල්ල ප්‍රදේශයේ නිවසක නිදා සිටි ගර්භණී මවකගේ උදරයට කොස් ගෙඩියක් වැටීමෙන් ගර්භාෂයේ සිටි කළලය මිය යාමේ අවාසනාවන්ත සිදුවීමක් වාර්තාවී ඇත. පසුගිය 29 වැනි දින රාත්‍රියේ දැරණියගල, ලිහිනියගල ප්‍රදේශයේ නිවසක මෙම කණගාටුදායක සිදුවීම වාර්තා වී ඇත.



රාත්‍රී 11.00ට පමණ නිවසේ නිදා සිටි අවුරුදු 33ක් වයසැති මාස 5ක ගර්භණී කාන්තාව මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත.



අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්, නිවසට ආසන්නව තිබූ කොස් ගසකින් ගැලවුණු කොස් ගෙඩියක් නිවසේ වහලය විනාශ කරමින් මවගේ උදරය දෙසට වැටී ඇත.

දැඩි වේදනාවෙන් පෙළුණු මව වහාම දැරණියගල රෝහලට ඇතුළත් කර ඇතත්, ගර්භාෂයේ සිටි දරුවාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වී ඇත. වාර්තා වන ආකාරයට මව දැනට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.