
කළුතර උතුර පනාපිටිය වාද්දගොඩ නිවසකට කඩාවැදී ඇඳක නිදා සිටි විදුලි කාර්මිකයාට තියුණු ආයුධ වලින් පහරදී ඉකුත් 8 වැනිදා ඝාතනය කර ඇත්තේ වැරදීමකින් බවට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන මත්ද්‍රව්‍ය ජාවාරමිකරුගෙන් අනාවරණය වී යැයි
කඵතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. එම ඝාතනය සඳහා යොදාගත් මන්නා පිහියක්, කඩුවක් ජංගම දුරකතනයක් ත්‍රීරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත. මෙලෙස ඝාතනයට ලක්වූයේ කළුතර උතුර පනාපිටිය වාද්දගොඩ පදිංචිව සිටි මොරන්තුඩුව ප්‍රාදේශීය සභාවේ විදුලි කාර්මිකයකු ලෙස රැකියාව කරන වීර සංගිලි නැකතිගේ සුගත් ප්‍රසංග (45) යන අයයි.ඝාතනයට ලක් වූ එම පුද්ගලයා කිසිදු චෝදනාවක් නොමැති අහිංසක පුද්ගලයෙකු බව පොලිසිය කියයි. කළුතර උතුර මින්නේරි තැන්ත ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන සැකකරුගේ දැනුම් දීම මත
කළුතර දකුණ පොලිසියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරියකුගේ පුතකු ඇතුළු පස් දෙනකු ප්‍රධාන සැකකරුගේ වාද්දුවේ ඥාති නිවසක මත්පැන් සාදයක් පැවැත් වූ බවට සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී ඇත. මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ප්‍රධාන සැකකරුගේ මත්ද්‍රව්‍ය තත්වයෙන් බාල ඒවා බවට මත්ද්‍රව්‍ය පානය කරන්නන් අතර මතයක් හදා ඔහුගේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට බාධා කරන පුද්ගලයකු ඝාතනය කිරිම සඳහා ප්‍රධාන සැකකරු හා පිරිස මත්පැන් පානය කරන අතරතුරේ සැලසුම් සකස් කර ඇතැයි පොලිසිය කියයි.
ඒ වනවිට පදම් ඉක්මවා මත්පැන් පානය කර සිටි පිරිස පසුදින අලුයම 2 ට පමණ මත්පැන් පානය සඳහා පැමිණි පොලිස් නිලධාරියාගේ පුත්‍රයා · පදවාගෙන පැමිණි ත්‍රිරෝද රථයට තියුණු ආයුධ රැගෙන ගොඩ වී
පනාපිටිය වාද්දගොඩ ප්‍රදේශය කරා ගොස් ඇති අතර එම නිවස පෙන්වා ඇත්තේ ත්‍රිරෝද රථය පැද වූ පුද්ගලයා බවත් සැකකරුගෙන් අනාවරණය වී ඇත. මෙම ඝාතනයෙන් අනතුරුව සැකකරුවන් නැවතත් වාද්දුව නිවස කරා පැමිණ ඔවුන්ගේ ඉලක්කය නිසි අයුරෙන් ඉටුවුණු බවට සතුටු නැවතත් මත්පැන් පානය කර සතුට සමරා ඇතැයි ද ප්‍රධාන සැකකරුගෙන් අනාවරණය වූ බව පොලිසිය කියයි.
සිද්ධියෙන් පැය කීපයක් ගතවෙද්දී තමන් ඝාතනය කර ඇත්තේ අහිංසකයකු බවත් තමන්ගේ ඉලක්කගත පුද්ගලයාගේ නිවස ඊට මීටර් පනහක් පමණ ඈතින් පිහිටා තිබෙන බව දැනගන්නට ලැබුණු බවත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමෙන් වැඩිදුරටත් අනාවරණය වී යැයි පොලිසිය කියයි. ඒ සමගම් ප්‍රධාන සැකකරු ද ප්‍රදේශයෙන් පලා යාමට සැරසෙද් දී කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක පී.ආර්. වීරසේන මහතාට ලද තොරතුරක් අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
Comments
Post a Comment
Your comment will be visible after approval