israel-suffers-devastation-after-night-of-deadly-iranian-airstrikes

ඊශ්‍රායලය සහ ඉරානය අතර භයානක යුද රාත්‍රියක් ඊයේ පසුකර ඇති අතර දෙපාර්ශවය ගුවන් ප්‍රහාර හුවමාරු කරගෙන තිබේ. ඊශ්‍රායලයේ ප්‍රදේශ කිහිපයකට බැලිස්ටික් මිසයිල ප්‍රහාර එල්ල වූ අතර, ජනතාව ආරක්ෂිත ස්ථානවලට යාම සඳහා අනතුරු ඇඟවීම් කිහිපයක් නිකුත් කරන ලදී. 


ඊශ්‍රායලයේ දහස් ගණනක් තුවාල ලැබූ බවත්, අවම වශයෙන් එක් අයෙකු මිය ගිය බවත් වාර්තා කර තිබේ. නමුත් මියගිය ගණන් ඊට වැඩි විය හැකි බව විහ්වාස කෙරේ.මෙය සිකුරාදා ඊශ්‍රායලය විසින් ඉරානයේ ස්ථාන වලට එල්ල කළ ප්‍රහාරවලට පසුව සිදු වූවකි.
බීබීසී වාර්තාකරු අයෝන් වෙල්ස් ජෙරුසලමේ පිපිරීම් ඇසූ බව වාර්තා කළ අතර, ටෙල් අවීව් අහස මත කළු දුම් පිඹුරු නැගෙනු දැකිය හැකි විය. ඊට පෙර, ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) ප්‍රකාශ කළේ ඉරාන හමුදා නිලධාරීන් තිදෙනෙකු ප්‍රහාරවලදී මිය ගිය බවත්, ටෙහ්රානය පැවසුවේ විද්‍යාඥයින් හය දෙනෙකුද මිය ගිය බවත්ය.
ඉරානය සෙනසුරාදා උදෑසන ඊශ්‍රායලය දෙසට මිසයිල ප්‍රහාර නව රැල්ලක් දියත් කරන ලදී.

මෙය දෙපාර්ශවය අතර ප්‍රහාර රාත්‍රියක අවසානය සනිටුහන් කළ අතර, ටෙල් අවීව්, ජෙරුසලම් සහ ටෙහ්රානයේ පිපිරීම් හා විනාශයන් රැසක් ඇති කළේය.
ඉරානය සහ ඊශ්‍රායලය අතර දිගු කලක් පුරා පවතින ගැටුම උත්සන්න වූයේ ඊශ්‍රායලය විසින් සිකුරාදා උදෑසන ඉරාන න්‍යෂ්ටික හා හමුදා ඉලක්ක වලට පෙර නොවූ විරූ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුවය. මෙම ප්‍රහාරයේදී ඉරානයේ ඉහළ නායකයින් කිහිප දෙනෙකු මිය ගිය අතර, මෙය කලාපීය පුළුල් යුද්ධයක බිය ඇති කළේය.
ඊශ්‍රායල බලධාරීන් ප්‍රකාශ කළ පරිදි, ඉරාන ප්‍රහාර නිසා ඊශ්‍රායලයේ තිදෙනෙකු මිය ගොස් ඇති අතර දහස් ගණනක් තුවාල ලබා ඇත. ඉරානය වාර්තා කරන්නේ ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් 78 දෙනෙකු මිය ගොස් ඇති බවත්, 320 දෙනෙකු තුවාල ලබා ඇති බවත්ය. මේ අතරින් බොහෝ දෙනා සිවිල් වැසියන් බව පැවසේ.
ඊශ්‍රායලයේ ආරක්ෂක ඇමති ප්‍රකාශ කළේ ඉරානය සිවිල් ජනාවාස වලට ප්‍රහාර එල්ල කිරීමෙන් "රතු මායිම්" ඉක්මවා ඇති බවයි. අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ "තවත් ප්‍රහාර එනු ඇති" බවයි. ඉරානය ඊශ්‍රායල ප්‍රහාරයට "පොඩි පට්ටම් කරන ප්‍රතිචාරයක්" දක්වන බවටත්, සිය ප්‍රහාර තීව්‍ර කරන බවටත් ප්‍රතිඥා දී ඇත.
මෙම අර්බුදය මැදපෙරදිග කලාපීය ස්ථායීතාවයට දැඩි තර්ජනයක් එල්ල කරන අතර, ජාත්‍යන්තර ප්‍රජාව අතර සැලකිය යුතු කනස්සල්ලක් ඇති කර තිබේ. ජාත්‍යන්තර ප්‍රජාව දෙපාර්ශවයම සංයමය පිළිපදින ලෙස ඉල්ලා සිටින අතර, තවදුරටත් ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා රාජතාන්ත්‍රික මැදිහත්වීම් සිදු කරමින් සිටී..

gossiplanka image 2
gossiplanka image 3


gossiplanka image 4
gossiplanka image 5
gossiplanka image 6


gossiplanka image 7
gossiplanka image 8
gossiplanka image 9
gossiplanka image 10