කච්චතිව් දූපතේ ස්වෛරීභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය ස්ථාවරය අවධාරණය කර තිබේ. ජාත්‍යන්තර නීතියට අනුකූලව ශ්‍රී ලංකාවට හිමිව ඇති මෙම දූපතේ අයිතිය කිසිවෙකුටත් නැවත ලබා දීමට කටයුතු නොකරන බව ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර මහතා අවධාරණය කරයි.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් විසින් පසුගිය 27 වන දින දිල්ලි නුවර පැවති භාරතීය ජනතා පක්ෂයේ උත්සවයකදී කච්චතිව් දූපත පිළිබඳව සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් මෙම තත්ත්වය යළිත් කරළියට පැමිණ තිබේ. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ,
හදිසි නීතිය ක්‍රියාත්මකව පැවති යුගයකදී කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පවරා දීම හේතුවෙන් තමිල්නාඩුව තුළ නොවිසඳුණු ගැටලු රාශියක් නිර්මාණය වී ඇති බවය.
මෙම මතභේදාත්මක ප්‍රකාශයට පදනම් වී ඇත්තේ 1974 වසරේදී දෙරටේ හිටපු අග්‍රාමාත්‍යවරුන් වූ සිරිමාවෝ බණ්ඩාරනායක සහ ඉන්දිරා ගාන්ධි මහත්මීන් විසින් අත්සන් තබන ලද ජාත්‍යන්තර ගිවිසුමයි. එම ගිවිසුම මගින් කච්චතිව් දූපත ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට අයත් කොටසක් ලෙස නිල වශයෙන් පිළිගැනිණි.
කෙසේ නමුත්, ඉන්දීය දේශපාලනයේ, විශේෂයෙන්ම මැතිවරණ සමයන්හිදී, කච්චතිව් දූපතේ අයිතිය පිළිබඳ ප්‍රශ්නය නිරන්තරයෙන්ම මතුවන උණුසුම් මාතෘකාවක් බවට පත්වී ඇත. දූපතේ අයිතිය යළි ඉන්දියාව සතුකර ගත යුතු බවට වන ඉල්ලීම් දේශපාලන වාසි තකා ඉස්මතු කිරීම සාමාන්‍ය තත්ත්වයකි.
ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර මහතා පැවසුවේ, කච්චතිව් දූපතේ අයිතිය කිසිදු හේතුවක් මත ඉන්දියාවට නැවත පැවරීමක් සිදු නොකරන බවත්, එම ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බවත්ය.
Comments
Post a Comment
Your comment will be visible after approval