පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සිය මන්ත්‍රී ධූරයෙන් පෙරේදා (ජූනි 20) ඉල්ලා අස්වී තිබේ.
පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර විසින් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම භාර ගනු ලැබ ඇත.
ඒ අනුව, පාර්ලිමේන්තු මන්තී ධූරයක පුරප්පාඩුවක් පවතින බව මහලේකම්වරිය මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දීමට පියවර ගෙන ඇත.
මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජනාධිපතිවරයා විසින් නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පත් කිරීමට නියමිත බව රජයේ විශ්වසනීය ආරංචි මාර්ග පවසයි.
මීට පෙර මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස සේවය කළ මහින්ද සිරිවර්ධන විශ්‍රාම යාමෙන් පසු පුරප්පාඩු වූ තනතුරට ඔහු මෙසේ පත්කිරීමට නියමිත ය.
පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ජාතික ජන බලවේගය තුළ නම් දෙකක් යෝජනා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ පසුගිය මහා මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉදිරිපත්වූ විමල් කැටපේආරච්චි මහතා සහ මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉදිරිපත්වූ නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතාය.
ජාතික ජන බලවේගයට සහය දක්වන විද්වතුන්ගේ අදහස වී ඇත්තේ එම ජාතික ජන බලවේගයට සහය දක්වන එක්සත් වාමාංශික පෙරමුණේ ලේකම් සහ ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික නීතිඥ ලාල් විජේනායක මහතා පාර්ලිමේන්තුව වෙත නම් කල යුතු බවය.
Comments
Post a Comment
Your comment will be visible after approval