
රුපියල් පනස් එක්කෝටි හැට එක්ලක්ෂ පනස් දහසක් වටිනා කෝකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය ගුවන් මගී කාන්තාවක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (30) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පරියන්තයේ දී අත් අඩංගුවට ගනු ලැබුවාය.38 හැවිරිදි ඇය, ස්වයං රැකියාවක නිරත තායිලන්ත ජාතික කාන්තාවකි.
ඇය ඊයේ (30) අලුයම 02.00 ට පමණ කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ ඇති අතරඇය විසින් රැගෙන එන ලද ගමන් මල්ලේ රෙදිවලින් සකස් කර ඇතුළට පැඩින් නමැති පුළුන් විශේෂය පුරවා සකස් කළ සෙල්ලම් බෝනික්කන් තිදෙනකු තුළ, කිලෝ ග්‍රෑම් 10 යි ග්‍රෑම් 323 ක් බර, කොකේන් මත්ද්‍රව්‍ය කරල් 500 ක් සඟවා තිබී ඇත.
මෙය කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ උසස් නිලධාරිවරයෙක් පැවසීය.අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ තායිලන්ත ජාතික කාන්තාව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට නියමිතය.
(ටී.කේ.ජී.කපිල)
Comments
Post a Comment
Your comment will be visible after approval