
ලෝකයේ හතරවැනි ධනවතා වන ඇමසන් නිර්මාතෘ ජෙෆ් බෙසෝස් සහ ඔහුගේ නව සහකාරිය වන ලෝරන් සැන්චෙස් සිදුකරගත් විවාහය සමග සුපිරි ධනවතුන් විවාහයට පෙර ඇති කරගන්නා ගිවිසුම් පිළිබඳව ලෝකයේ අවධානය යොමු වී තිබේ. මේ ගැන බිස්නස් ඉන්සයිඩර් වෙබ් අඩවියේ ලිපියක් මගින් පැහැදිලි කර ඇත්තේ සල්ලි හෝ ව්‍යාපාර කොටස් අත්පත්කරගැනීමේ විවාහ චේතනාවන්ට ඉඩනොලැබෙන පරිදි වාසිදායක ගිවිසුමකට ඇමසන් නිර්මාතෘවරයා නව විවාහයේදී එළැඹ ඇති බවයි.
ජෙෆ් බෙසෝස් සිය පෙර බිරිඳ වූ මැකෙන්සි ස්කොට් දික්කසාද කිරීමෙන් පසු ඩොලර් බිලියන 38ක දැවැන්ත වන්දියක් ඇය වෙත ලබා දීමට ඔහුට සිදු වී ඇති අතර ඊට හේතුවී ඇත්තේ
එම විවාහය සිදුවූයේ පූර්ව ගිවිසුමකින් තොරව රටේ පවතින සාමාන්‍ය නීති සම්ප්‍රදායන් අනුව වීමය.
ඇය මේවනවිටත් වෙනත් විවාහයකට පිවිස ඇති අතර ඇයට විශාල වන්දියක් ගෙවීමට බෙසොස්ට අධිකරණය නියම කිරීමේ ප්‍රතිඵලය වූයේ 1993 දී ඇරඹි එම විවාහය දික්කසාදයෙන් කෙළවර වන විට, ඇමසන් කොටස්ද අනපේක්සිත ලෙස බෙදී වෙන් වීමයි. එමඟින් ඇය ලොව ධනවත්ම කාන්තාවන්ගෙන් කෙනෙකු බවටද පත් විය.
මෙම අත්දැකීමත් සමඟ, ඩොලර් බිලියන 200කට අධික වත්කමක් හිමි බෙසෝස්,
නවක පෙම්වතිය ලෝරන් සැන්චෙස් සමඟ විවාහ වීමේදී ඉතා සංකීර්ණ සහ ශක්තිමත් විවාහයට පෙර ගිවිසුමකට එළඹ ඇති බවට නීති සහ මූල්‍ය විශේෂඥයෝ වාර්තා කරති.
කෙසේ වෙතත් එළැඹි ගිවිසුම තවම රහස්‍ය ලේඛනයක් ලෙස පවතින බව ඒ සමගම වාර්තා කර තිබේ.
මෙවැනි සුපිරි ධනවතුන් සඳහා වන විවාහයට පෙර ගිවිසුමක් යනු හුදෙක් දෙදෙනෙකු අතර ඇතිවන එකඟතාවක් නොවේ. එයට පාර්ශ්ව රැසකගේ දායකත්වය අවශ්‍ය වේ. ධන කළමනාකරණ විශේෂඥයන් පවසන පරිදි, ගිවිසුම ආරම්භ වන්නේ දෙදෙනාම තමන් සතු සියලු වත්කම් සහ ණය පිළිබඳව සම්පූර්ණයෙන් හෙළිදරව් කිරීමෙනි. මෙම ක්‍රියාවලිය සඳහා පවුල් නීතිඥයන්, බදු උපදේශකයන්, ව්‍යාපාරික හවුල්කරුවන් පමණක් නොව, නිවාස සහ පෞද්ගලික ජෙට් යානා වැනි සුඛෝපභෝගී වත්කම් තක්සේරු කරන විශේෂඥයන් ද සම්බන්ධ කර ගැනේ. තීරණ ගැනීම බොහෝ විට සිදුවන්නේ එම උපදේශක කණ්ඩායම්වල මඟ පෙන්වීම යටතේය.
බෙසෝස් වැනි දෙවන හෝ තෙවන විවාහයකට එළඹෙන සුපිරි ධනවතුන්ගේ මූලික අරමුණ වන්නේ, තම ප්‍රථම විවාහයට පෙර ගොඩනඟාගත් වත්කම්, නව විවාහයේදී සහකරුගේ හෝ සහකාරියගේ වත්කම් සමඟ මිශ්‍ර වීම වැළැක්වීමයි. ඔවුන් තම ව්‍යාපාරවල පාලනය තමන් සතුවම තබා ගැනීමට දැඩි උත්සාහයක් ගනී. දික්කසාදයකදී හෝ මරණයකදී, හිටපු සහකරුට හෝ සහකාරියට සමාගමේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට බලපෑම් කළ හැකි මට්ටමේ කොටස් හිමිකාරීත්වයක් ලැබීම වැළැක්වීම මෙහි ප්‍රධාන අරමුණකි.
ඒ වෙනුවට, දික්කසාදයකදී ලබා දිය හැකි වෙනත් වත්කම් හෝ මූල්‍යමය වන්දි පිළිබඳව ගිවිසුමේ පැහැදිලිව සඳහන් කෙරේ.
මෙම ගිවිසුම්වලදී දික්කසාදය මෙන්ම මරණය යන අවස්ථා දෙකම ආවරණය කෙරේ. දික්කසාදයක් සිදුවුවහොත්, සැන්චෙස් වැනි සහකාරියකට එකවර ගෙවන මුදලක්, ඇමසන් කොටස් කිහිපයක් සහ නිශ්චල දේපළ කිහිපයක් හිමිවීමට ඉඩ ඇති බව නීති විශේෂඥයෝ පෙන්වා දෙති. මීට අමතරව, 'මරණ වගන්තියක්' (death clause) මඟින්, එක් අයෙකු මිය ගියහොත් ජීවත්වන සහකරුට හෝ සහකාරියට හිමිවන දේපළ ප්‍රමාණය සීමා කිරීමට හැකියාව ලැබේ. එමඟින්, මියගිය පුද්ගලයාගේ පෙර විවාහවල දරුවන්ට හෝ වෙනත් උරුමකරුවන්ට හිමිවිය යුතු වත්කම් ආරක්ෂා වේ. බෙසෝස්ට පෙර විවාහයේ දරුවන් සිව් දෙනෙකු සහ සැන්චෙස් හට දරුවන් තිදෙනෙකු සිටින බැවින්, උරුමය බෙදී යන ආකාරය පිළිබඳව පැහැදිලි විධිවිධාන මෙම ගිවිසුමට ඇතුළත් වනු ඇත.
මෙවැනි ගිවිසුම් අතිශයින්ම පෞද්ගලික වන අතර, ඒවායේ රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා දැඩි වගන්ති ඇතුළත් කෙරේ. ගිවිසුමේ තොරතුරු හෝ සම්බන්ධතාවයේ පෞද්ගලික කරුණු මහජනයා සමඟ හෝ සමාජ මාධ්‍ය ඔස්සේ සාකච්ඡා කිරීම තහනම් වන අතර, එසේ කළහොත් දඩ මුදල් ගෙවීමට සිදුවන කොන්දේසි ද තිබිය හැකිය. කෙසේ වෙතත්, මෙම ගිවිසුම් සදාකාලික නොවිය හැකිය. ඇතැම් ගිවිසුම්වල 'ඉබේ අහෝසි වන වගන්ති' (sunset clauses) අඩංගු වන අතර, එමඟින් නිශ්චිත කාලයක්, උදාහරණයක් ලෙස වසර දහයක් ගත වූ පසු, ගිවිසුමේ ඇතැම් කොන්දේසි ලිහිල් කිරීමට හෝ සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට ඉඩ සැලසේ.
Comments
Post a Comment
Your comment will be visible after approval