al-talents-are-evaluated-at-the-provincial-level

 2023/2024 අ.පො.ස උසස් පෙළ විභා­ග­යේදී දිස්ත්‍රික් මට්ට­මින් දක්ෂතා දැක් වූ විශි­ෂ්ට­යන් පළාත් මට්ට­මින් ඇග­යීමේ වැඩ­ස­ට­හ­නක් ජනා­ධි­පති අර­මු­ද­ලෙන් සංවි­ධාන කර තිබේ. එහි දී, 2023/2024 අ.පො.ස උසස් පෙළ විභා­ග­යේදී සෑම විෂය ධාරා­ව­කින්ම විශිෂ්ට කුල­සතා දැක්වූ සිසුන් එක් දිස්ත්‍රි­ක්ක­ය­කින් 60 දෙනකු බැගින් තෝරා ගෙන ඔවුන්ට මූල්‍ය ශිෂ්‍යත්ව සහ සහ­තික පත් ප්‍රදා­නය කිරී­මට සැල­සුම් කර ඇත.



විභාග දෙපා­ර්ත­මේ­න්තුව හා විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ෂන් සභාව විසින් 2023/2024 විභා­ග­ව­ලට අදා­ළව නිකුත් කරන ලද ප්‍රති­ඵල සැල­කි­ල්ලට ගනි­මින් මෙම විශි­ෂ්ට­යන් තෝරා ගනු ලැබ තිබේ.



පළාත් මට්ට­මින් ක්‍රියා­ත්මක වන වැඩ­ස­ට­හනේ පළමු වැඩ­ස­ට­හන ලෙස 2023 වසරේ අ.පො.ස උසස් පෙළ විභා­ග­යෙන් විශි­ෂ්ටතා දැක් වූ උතුරු පළාතේ සිසුන් ඇග­යීම 2025 ජූනි 22 වන දින කිලි­නො­ච්චියේ දී පැවැ­ත්වී­මට සියලු කට­යුතු සූදා­නම් කර තිබේ.

ඒ අනුව 2023 අ.පො.ස උසස් පෙළ විභා­ග­යෙන් දක්ෂතා දැක්වූ යාප­නය, කිලි­නො­ච්චිය, මුල­තිව්, මන්නා­රම සහ වව්නි­යාව දිස්ත්‍රි­ක්ක­වල විශි­ෂ්ට­යන් එහි දී ඇග­යී­මට ලක්කෙරේ.