a-youtube-channel-distorted-my-interview-ajith-bandara

 ගායන ශිල්පි අජිත් බණ්ඩාර යූටියුබ් නාලිකාවකින් තමන්ට සිදුවූ අසාධාරණයක් ගැන සතිඅන්ත පුවත්පතකට පවසා තිබේ. ඔහු ඒ ගැන මෙසේ කියයි





අජිත් බණ්ඩාරට එරෙහිව ඇතැම් විට බොහෝ අවලාද නැඟෙනවා. ඔබට මේ ගැන කියන්න තිබෙන්නේ මොකක්ද?

අනේ මම දන්නෙ නැහැ. එක පාරක් යූටියුබ් නාළිකාවක් මගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා ගත්තා. එය යම් මාධ්‍ය ආයතනයකට අයත් යූටියුබ් නාළිකාවක්. ඔවුන් මම හිතපුවත් නැති දේවල් ඒ ඔස්සේ සමාජගත කළා. ඔවුන් මම සිරස නාළිකාවට දෝෂාරෝපණය කළ බව ඒ ඔස්සේ ප්‍රචාරය කළා. ඒක ඉතා පහත් වැඩක්. ඒ නිසා මම කිසිම යූටියුබ් නාළිකාවකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙන්නේ නැහැ කියලා සිතා ගත්තා. මට ගොඩක් දේවල් එපා වුණා. දැන් ගොඩක් අය අනුන්ගේ වැරැදි සොයන්න තමයි උත්සාහ කරන්නේ. අනෙක් මිනිස්සුන්ට මොනවා වුණත් තමන්ගේ දේ ගැන විතරක් සිතන මිනිස්සු පිරිසක් බිහිවෙලා, ඒක හරි වැරැදි වැඩක්.