වෙන්නප්පුව ප්‍රදේශයේ කේක් නිර්මාණ ශිල්පිනියක් තමා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස හඳුන්වා ගත් පුද්ගලයකු විසින් වංචාවට ලක් කර ඇතැයි පැමිනිල්ලක් කර තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් වෙන්නප්පුව මූලස්ථාන පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
පොලිස් වාර්තා අනුව, වංචනිකයා පුත්තලම් දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස පෙනී සිටිමින් කේක් නිර්මාණ ශිල්පිනියට දුරකතන ඇමතුමක් ලබා දී ඇත. එහිදී ඔහු කේක් ගෙඩියක් සහ මල් කළඹක් නිවෙසට ගෙනවිත් දෙන ලෙස ඇණවුම් කර ඇත.
පසුව එම කේක් නිර්මාණ ශිල්පිනිය සුක්ෂම ලෙස රවටා රුපියල් 22,750ක මුදලක් වංචනික ලෙස බැංකු ගත කරවා ගෙන ඇත.
වංචාවට ලක් වූ කේක් නිර්මාණ ශිල්පිනිය ඊයේ (16) වෙන්නපුව මූලස්ථාන පොලිසියට මෙම සිදුවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇත. ඇයගේ පැමිණිල්ලට අනුව, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පෙනී සිටි පුද්ගලයා නැවත වරක් ඇයට දුරකතන ඇමතුමක් ලබා දී විස්කි බෝතල් හතරක්ද ඇණවුම් කර ඇත. ඉන්පසු යළිත් වතාවක් ඇමතුමක් ලබා දී වෙනත් අයෙකුගේ නමක් සඳහන් කරමින් ඉදිරි කටයුතු එම පුද්ගලයා සමඟ සම්බන්ධ වී කතා බහ කරන ලෙස උපදෙස් දී ඇතැයි පොලිසිය පවසයි.
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලද පුද්ගලයා කේක් ශිල්පිනියට දුරකතන ඇමතුමක් ලබා දී විස්කි බෝතල් හතරක් මිලදී ගත් බවත්, ඒ සඳහා වැය වූ රුපියල් 22,750ක මුදල කේක් එක සහ මල් කළඹ රැගෙන හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නිවෙසට පැමිණි පසු ලබා දෙන බවට පොරොන්දු වී ඇත. එම මුදල බැංකු ගත කරන ලෙස ඉල්ලා සිටි අතර, ඒ සඳහා ගිණුම් අංකයක්ද ලබා දී තිබේ.
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු නිසා ඔහු කෙරෙහි විශ්වාසය තබා කේක් නිර්මාණ ශිල්පිනිය ඉල්ලා සිටි මුදල බැංකු ගත කර ඇති බව පොලිසිය පවසයි. ඇය රුපියල් තුන් දහසක් වටිනා කේක් ගෙඩියක් සහ රුපියල් 1,500ක් පමණ වටිනා මල් කළඹක් සූදානම් කරගෙන ඇත. නමුත් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නිවසට යාමට පෙර දෙවනුව කතා කළ පුද්ගලයාට ඇමතුමක් ලබා දුන්නද, ඊට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැත.
වංචනිකයා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පෙනී සිටිමින් ඇමතුම් ලබා දුන් දුරකතන අංකයට නැවත ඇමතුම් ලබා ගැනීමට උත්සාහ කළද, එම අංකයෙන්ද කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බැවින්,
තමා වංචාවකට ලක් වී ඇති බව තේරුම් ගත් කේක් නිර්මාණ ශිල්පිනිය මෙම සිදුවීම පොලිසියට වාර්තා කර ඇත.
මෙම වංචාව සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස පෙනී සිටි පුද්ගලයා සහ ඊට සම්බන්ධ අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට වෙන්නප්පුව මූලස්ථාන පොලිසිය විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙමින් පවතී.
Comments
Post a Comment
Your comment will be visible after approval