උතුරු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකු විසින් වතු ක්ෂේත්‍ර නිලධාරියෙකු පදිංචිව සිටි නිල නිවසක් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
රජයට අයත් මෙම කැරොලිනා වතුයායේ බිනෝයා කොටස, හැටන් වැවිලි සමාගම වෙත බදු පදනම මත ලබා දී ඇති අතර, අදාළ නිල නිවස එහි සේවයේ නියුතු ක්ෂේත්‍ර නිලධාරියාට වෙන් කර තිබූවකි. මෙම සිදුවීම ඉකුත් 19 වන දින සිදුව ඇති බවට පැවසේ.
තමන් විසින් අසල පිහිටි ඉඩමක් සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවකට අදාළව, මෙම නිල නිවස සහ එයට අයත් භූමිය ද ඇතුළත් බව පවසමින් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මෙම බලහත්කාරී පියවර ගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval