මධ්‍යම ගාසාවේ ඩෙයිර් අල්-බලා නගරයේ මහජන වෙළෙඳපොළක් ඉලක්ක කරසිදු කළ ඊශ්‍රයාල ඩ්‍රෝන ප්‍රහාරයකින් පාලස්තීනුවන් 18 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා විය.
මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ මෙකී වෙළඳපොළ තුළ කිසියම් කලබලකාරී තත්වයක් උද්ගගතව ජනතාව රොත්තක් ලෙස සිටි අවස්තාවකදීය. වෙළෙඳ පොළේ පිරිසක් පාලනය කිරීමට උත්සාහ කළ හමාස් පොලිස් ඒකකය ඉලක්ක කරගත් ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාරය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අවම වශයෙන් පාලස්තීනුවන් 18 දෙනෙකු මිය ගොස් ඇති බව වෛද්‍යවරයෙකු ඇතුළු සාක්ෂිකරුවන් බීබීසී වෙත පවසා ඇත.
සාක්ෂිකරුවන් පැවසූ පරිදි, සිවිල් ඇඳුමින් සැරසී මුහුණු ආවරණ පැළඳගත් හමාස් පොලිස් බලකායේ සාමාජිකයින් මිල ඉහළ නැංවීම සහ ආධාර ලොරි වලින් සොරකම් කළ භාණ්ඩ විකිණීම ගැන චෝදනා ලැබූ වෙළෙන්දන්ට එරෙහිව මැදිහත් වූ අවස්ථාවේදී ඊශ්‍රායල ඩ්‍රෝන යානා ඔවුන් වෙත වෙඩි තැබීය.
හමාස් විසින් පාලනය කරනු ලබන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය මෙම ප්‍රහාරය හෙළා දකිමින්, "මහජන ගැටලුවක් විසඳමින් සිටි පොලිස් ඒකකයකට එරෙහිව අපරාධයක්" සිදු කිරීම ගැන ඊශ්‍රායලයට චෝදනා කරන ලදී.
ප්‍රහාරයෙන් පසු ලබාගත් වීඩියෝ දර්ශන වල බිම විසිරී ඇති මෘත දේහ සහ තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීමට ගිලන් රථ ඉක්මනින් පැමිණෙන අතරතුර, බියට පත් වෙළඳුන් කෑ ගසනු පෙන්වයි.
ඩෙයිර් අල්-බලා හි අල්-අක්සා රෝහල පැවසූ පරිදි,ත දේහ 18 ක් ගෙන එන ලදී. මිය ගිය අය අතරින් කී දෙනෙකු පොලිස් නිලධාරීන් ද යන්න තවම තහවුරු කර නැත.
Comments
Post a Comment
Your comment will be visible after approval