හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියක වන අමලි රඹුක්වැල්ල මහත්මියට ඇවන්ගාඩ් සමාගමේ ගිණුමෙන් මසකට රුපියල් ලක්ෂ 13 බැගින් මුදල් බැර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඊයේ (23) ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගෙන් පැය 4 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.
ඇවන්ගාඩ් සභාපතිවරයා ඊයේ (23) පෙරවරු 10ට පමණ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව පස්වරු 2.45 ට පමණ ඉන් පිටව ගිය බව ප්‍රකාශකයෙක් කීය. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය කළ පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම ඒ පිළිබදව විමර්ශන ආරම්භ කර තිබිණි. කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියක වන අමලි රඹුක්වැල්ල මහත්මිය ඇවන්ගාඩ් සමාගමේ සේවය කිරීම වෙනුවෙන් චේතන වශයෙන් මාසිකව රුපියල් ලක්ෂ 13 බැගින් වසරකට වැඩි කාලයක් මුදල් ගෙවා ඇති බව විමර්ශනවල දී අනාවරණය වී ඇත. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර විමර්ශන සිදුකරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval