president-mahinda-seth-arrives-in-medurata-to-visit-war-heroes-photos

 අද (19) පෙරවරුවේ අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’- සුවතා නිකේතනය වෙත ගොස් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන නේවාසික සෙබළුන්ගේ සුවදුක් විමසා බලන්නට ජනපති අනුර කුමාර දිසානායක කටයුතු කළේය.
එහිදී සෙබළුන් සමඟ සුහද පිළිසදරක නිරත වූ ඔහු ඔවුන්ගේ සිතුවම් හා නිර්මාණද නැරඹීය.


තිස් අවුරුදු යුද්ධය හේතුවෙන් උතුරේත් දකුණේත් විශාල පිරිසකට ජීවිත මෙන්ම අත්පා හා ශරීර කොටස් අහිමි වී සදහටම ආබාධිත තත්ත්වයට පත් වීමට සිදු වී ඇති පැවසූ ජනපති යළිත් කිසිදු දිනෙක එවන් තත්ත්වයක් ඇති වීමට ඉඩ නොදෙන බව අවධාරණය කළේය.
ආබාධිත තත්ත්වයට පත් සෙබළුන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල අභිවෘද්ධිය වෙනුවෙන් මම අඛණ්ඩව කැප වන බවද තහවුරු කළේය. 
එසේම  මිහිඳු සෙත් මැදුර - සුවතා නිකේතනයෙහි සේවයේ නිරත වෛද්‍යවරුන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සමඟද අදහස් හුවමාරු කර ගත් අතර එහිදී සෙබළුන් වෙනුවෙන් තවදුරටත් ලබා දිය හැකි වෛද්‍ය හා සේවා පහසුකම් සැපයීම පිළිබඳව අවධානය යොමු කළේය.
ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ, මිහිදු සෙත් මැදුරේ සේනා විධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්. ජී. එස්. ඩී. එස් රාජකරුණා, යුද හමුදා රණ සේවා හා පුනරුතථාපන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඩබ්ලිව්. ඒ. එස් විජේදාස ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක්ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4


gossiplanka image 5
gossiplanka image 6
gossiplanka image 7


gossiplanka image 8
gossiplanka image 9
gossiplanka image 10


gossiplanka image 11
gossiplanka image 12