
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඒ.ටී.එන්. මහකුමාර මහතා අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් අභාවප්‍රාප්ත විය.
ඔහු කළුතර ප්‍රදේශයේ දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.
අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අද සිකුරාදා උදෑසන අභාවප්‍රාප්ත විය.
ඔහු පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ වසර 15 ක් පමණ සේවය කළ අතර, සහකාර පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිස් සේවයට එක්වී ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල සේවය කර ඇත.
ඔහුගේ අවමංගල්‍ය කටයුතු පිළිබඳ විස්තර පසුව ප්‍රකාශයට පත් කෙරේ.
Comments
Post a Comment
Your comment will be visible after approval