nawalapitiyas-fireworks-roar
හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ වසර 20 කට සිරගත කරවීමේ ආරංචියත් සමග ඔහු නියෝජනය කළ නාවලපිටිය ප්‍රදේශයෙන් රතිඤ්ඥා නාද ඇසෙන්නට පටන්ගෙන ඇතැයි වාර්තාවේ.
මහින්ද රාජපක්ෂ වා‍දියෙකු ක්‍රියාකළ මහින්දානන්ද අලුත්ගමගේ පසුගිය 2024 මැතිවරණයේදී අද දඩුවම් හිමිවූ නලින් ප්‍රනාන්දු සමග රනිල් වික්‍රමසිංහගේ දෑත් ශක්තිමත් කිරීමට එක් විය.
එසේ එක්වුණත් තම ආසන ප්‍රතිඵලයද දුර්වලවී පසුගිය මහමැතිවරණයේ අන්ත පරාජයට පත් වූ පසු දේශපාලනයෙන් සමුගැනීම නිවේදනය කළේය. අද  කැරම් බොඩ් වංචා නඩුවට 20 අවුරුදු සිර දඩුවම ලබන්නට පෙර පොහොර වංචා නඩුවක් නිසා ඔහු බන්ධනාගාරගතව සිටියේය.
කැරම් බොඩ් වංචාව ඔහු කර තිබුනේ රාජපක්ෂ සමයේ ඡන්ද වැඩ සඳහා ක්‍රීඩා සංගම් ප්‍රවර්ධනය පිනිසය.
කෙසේ වෙතත් මෙම නඩු වරින්වර ඉදිරියට ඇදුනේ ප්‍රමාණවත් සාක්ෂි නැතැයි කියමින් අධිකරණය කල් තැබූ නිසාය.


මින් ඉහත අරගල සමයේ 2022 නාවලපිටියේ නගරයේ මාපාකන්ද ප්‍රදේශයට සිය වාහනයේ ගමන් කරමින් සිටින අවස්ථාවේදී ප්‍රදේශවාසීන් පාර අවහිර කර මහින්දානන්දට විරෝධය දක්වා බැණවැදී තිබුණ සිදුවීමක්ද දෙකිද ගම්මානයට ගිය අවස්ථාවේ දි එවැනි සිද්ධියක්ද වාර්තාවී තිබුණි.
මෙම අවස්ථාවේ අමාත්‍යවරයාට ගම හරහා යාමට නොහැකි තත්ත්වයක් උදා වීම නිසා ඔහු පොලිසියට දන්වා පොලිසිය පැමිණ තත්වය පාලනය කළ පසු පිටව ගොස් තිබුණි.