ඉකුත් රජයන් ලබා ගත් ණය මුදල් වලින් කෝටි විසි දෙලක්ෂයක් (ට්‍රිලියන 22ක්) ආගිය අතක් නැතැයි මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23) පැවසීය.
මේ මුදල කිසිදු පොතපතක වාර්තාවක සඳහන් නොවන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා විගණකාධිපතිවරයා සහ දැනුම ඇති කණ්ඩායම් සම්බන්ධ කරගෙන දශක ගණනාවක් පිටුපසට ගොස් මේ තොරතුරු සොයා ගැනීමට
ඔහු මෙසේ පැවසුවේ විදේශ ණය (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
ආගිය අතක් නැති මෙම මුදල රටේ ශේෂ පත්‍රයේ පැහැදිලිව තිබෙන බව විගණකාධිපතිවරයා නිරීක්ෂණය කර ඇතැයි ද එදා හිටපු අය රට කළමනාකරණය කළ ආකාරය මින් පැහැදිලිවම පෙනී යන්නේ
යැයි ද ඔහු සඳහන් කළේය.
එසේ කළමනා කරණය කළා නම් එම ණය අදාළ වාර්තාවල සටහන් විය යුතු බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ණය මුදල් නිසි ලෙස විගණනයකට භාජන කළේ නම් හා ඒවායේ විනිවිදභාවය රටට හෙළි කළේ නම් අද මෙවැනි තත්වයක් උදා නොවන බවද සඳහන් කළේය.
ආගිය අතක් නැති මෙම මුදල් පිළිබඳ තොරතුරු සොයා ගැනීමට වර්තමාන රජය වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත් සමහර තොරතුරු හොයන්න දශක ගණනාවක් පිටිපස්සට යෑමට සිදුවන බවත් හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය.
ඒ සඳහා විගණකාධිපති සම්බන්ධ කරගෙන දැනුම තියෙන පිරිස් සම්බන්ධ කරගෙන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරගෙන යන බව පැවසූ හෙතෙම එදා හිටපු දේශපාලනඥයන් රට කළමනා කරණය කරන්නේ යැයි පවසා ඉවක් බවක් නැතුව ණය අරගෙන කරපු වැරැදි දේවල් නිවැරැදි කරගෙන යන බවද ප්‍රකාශ කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval