
රාජකාරී ආවරණ කටයුතු තහනම් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන්ගෙන් ජීවිත තර්ජන එල්ල විය හැකි බවට උසස් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් අනතුරු ඇඟවීමක් කර තිබෙන බව මාධ්‍ය වාර්තා පළව තිබේ.
තනතුරෙන් ඉවත් කරන ලෙස පාර්ලිමේන්තුව සම්මත කර තිබෙන මෙම පුද්ගලයාගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන්ම මැදිහත්වීම විශේෂිතය.
විදෙස්ගතව සැඟව සිටින කංජිපානි ඉම්රාන් විසින් දේශබන්දු තෙන්නකෝන් මහතා ඝාතනය කරන ලෙස සිය සමීපතමයන්ට උපදෙස් ලබාදී ඇතැයි තොරතුරු වාර්තා වී ඇතැයි මෙහිදී පෙන්වා දී තිබේ.
තනතුරෙහි රාජකාරී ආවරණ කටයුතු තහනම් කිරීමෙන් අනතුරුව, තෙන්නකෝන් මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීම හේතුවෙන් ඔහුට ඇති ජීවිත තර්ජන පිළිබඳව තොරතුරු ඇතුළත් බුද්ධි අංශ වාර්තාවක් පොලිස් මූලස්ථානයට ලබාදී ඇති බවද වාර්තා වේ.
එම වාර්තාවට අනුව, "යුක්තිය" නමැති මෙහෙයුම ඇතුළු විශේෂ මෙහෙයුම් හරහා තෙන්නකෝන් මහතා පාතාල හා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමට කටයුතු කිරීම හේතුවෙන් කංජිපානි ඉම්රාන් පමණක් නොව වෙනත් පාතාල කල්ලි සාමාජිකයන්ගෙන්ද මරණ තර්ජන එල්ල විය හැකි බව අනාවරණය වී ඇත.
මෙම ජීවිත තර්ජන හේතුවෙන් තමාට නිසි ආරක්ෂාවක් ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (1) දින වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ. තමාගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත්කර ඇති බැවින් ජීවිතයට තර්ජන පැවතීම හේතුවෙන් සුදුසු ආරක්ෂක විධිවිධාන ලබාදෙන ලෙස තෙන්නකෝන් මහතා එම ලිපියෙන් ඉල්ලා ඇත.
මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් පොලීසිය පවසා ඇත්තේ
දේශබන්දු තෙන්නකෝන් මහතාට ජීවිත තර්ජන ඇද්දැයි යන්න පිළිබඳව ආරක්ෂක තක්සේරුවක් කිරීමට නියමිත බවත්, එම තක්සේරුවේ ප්‍රතිඵල අනුව ඔහුට ආරක්ෂාවක් ලබාදිය යුතු බවට නිර්දේශ කළහොත් අවශ්‍ය ආරක්ෂක විධිවිධාන ලබාදීමට පියවර ගන්නා බවත්ය.
Comments
Post a Comment
Your comment will be visible after approval