12-people-injured-in-van-accident-on-matara-road

අද (මැයි 08) උදෑසන මාතර, අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් දක්ෂිණ අධිවෙගී මාර්ගයේ පාලටුව පිවිසුම ආසන්නයේදී මාර්ගය අයිනේ නවතා තිබූ කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුවී තිබේ.


අනතුරෙන් වෑන් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. පොලීසිය විසින් ලබාදුන් තොරතුරු අනුව, මෙම වෑන් රථයේ ගමන් කළ පිරිස කටුනායක ගුවන්තොටුපොළට ගොස් නැවත පැමිණෙමින් සිටි පිරිසක් වන අතර, ඔවුන් මාතර මුලටියන ප්‍රදේශයේ පදිංචිකරුවන් බව තහවුරු කර ඇත.
තුවාල ලැබූ පුද්ගලයින් 1990 ගිලන් රථ උපයෝගී කරගනිමින් ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර, අනතුර සම්බන්ධයෙන් මාලිම්බඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යන බව වාර්තා වේ.

gossiplanka image 2


gossiplanka image 3


gossiplanka image 4