වෙසක් උත්සවයට සමගාමීව දිවයින පුරා දන්සැල් 8,742 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට ලියාපදිංචි කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නිල වශයෙන් නිවේදනය කර තිබේ.
සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළ පරිදි, වැඩිම දන්සැල් සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්තේ බස්නාහිර පළාතේ කොළඹ මහනගර සභා ප්‍රදේශය තුළ බව සඳහන් කරයි.
දන්සැල් ක්‍රියාත්මක කිරීමේදී පරිසර හිතකාමී පියවරක් ලෙස පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට කටයුතු කරන ලෙස සංගම් සභාපතිවරයා සියලුම දන්සැල් සංවිධායකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කර ඇත.
එමෙන්ම දන්සැල් පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දිවයින පුරා යොදවා ඇති බවත්, එමඟින් සෞඛ්‍යාරක්ෂිත ආහාරපාන සැපයීම තහවුරු කිරීමට පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval