හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව වාර්තා වේ.
මේ අතර, හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා මෙම මස 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් කූට ලේඛන සකස් කර අලෙවි කිරීමේ චෝදනාවට ඔහු මුහුණ දී සිටී. මාස දෙකකට වැඩි කාලයක් නීතියෙන් සැඟවී සිටි රණවීර මහතා අද (මැයි 07) උදෑසන නීතිඥවරයෙකු මාර්ගයෙන් මහර අධිකරණයට භාර වී ඇත.
මෙම සිද්ධියට සම්බන්ධ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තවත් සැකකරුවන් සිව් දෙනෙකුද මෙම මස 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටිති.
Comments
Post a Comment
Your comment will be visible after approval