An election candidate was shot in the Kalutara area.

 මෙවර පළාත් පාලන මැතිවරණයට දින කිහිපයකට පෙර කළුතර දකුණ පොලිස් වසමේ නාගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් මැතිවරණ අපේක්ෂකයෙකු තුවාල ලබා තිබෙනවා. ගම්සභා නිවාස පාර, නාගොඩ ප්‍රදේශයේදී සිදු වූ මෙම ප්‍රහාරය යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදු කර ඇති බව පොලිස් විමර්ශනයන්හිදී අනාවරණය වී තිබෙනවා.


51 හැවිරිදි බන්දුල ප්‍රසන්න  නමැති සමගි ජන බලවේග පක්ෂයේ මෙම අපේක්ෂකයා තම නිවස ඉදිරිපිට සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව ඇති අතර,


යතුරු පැදිකරුවන් දෙදෙනා වෙඩිතැබීම සිදුකර කළුතර - බෝම්ඹුවල මාර්ගය දෙසට පලාගොස් ඇති බව පරීක්ෂණ වලදී හෙලිව තිබේ.වෙඩි තබා පලා ගිය සැකකරුවන් පිළිබඳව දැනට පොලිසිය විසින් පුළුල් සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබෙනවා. තුවාල ලැබූ අපේක්ෂකයා වහාම කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව වෛද්‍ය මූලාශ්‍ර මගින් වාර්තා වෙනවා.
මෙම වෙඩි තැබීම මැතිවරණ ප්‍රචණ්ඩත්වය සම්බන්ධ සිද්ධියක් ලෙස සැලකිය හැකි බවත්, එය මැතිවරණය ආසන්නයේ සිදු වූ බැවින් විශේෂ අවධානයට ලක්විය යුතු බවත් පොලිස් මූලාශ්‍ර පවසනවා. මැතිවරණ කොමසාරිස් කාර්යාලය මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කර ඇති අතර, මැතිවරණය සාමකාමීව පැවැත්වීම සඳහා අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කර තිබෙනවා.