කුරුණෑගල ගල්ගමුව ප්‍රදේශයේ පාලුකඩවල වැවේ දිය නෑමට ගොස් සිටි ඥාති සහෝදරියන් දෙදෙනකු ඊයේ (13) දිනයේදී දියේ ගිලී මරණයට පත්ව ඇති බව පොලිසිය වාර්තා කරයි.
මෙම අවාසනාවන්ත සිදුවීමේදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මිරිගම දාසයපවුව ප්‍රදේශයේ පදිංචි වූ වයස අවුරුදු 12ක් වූ එල්.ජී. මිනුලි අමන්සා සහ රත්නපුර ගොළුවාවිල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17ක් වූ එල්.ජී. චසුනි විමන්සා යන දැරියන් දෙදෙනා බව පොලිසිය තහවුරු කර ඇත.
වයස අවුරුදු 17ක් වූ එල්.ජී. චසුනි විමන්සා මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල නිකුත්වීම බලාපොරොත්තුවෙන් සිටි සිසුවියක් බව පොලිසිය විසින් වැඩිදුරටත් සඳහන් කර ඇත.
දහවල් 11.30 ට පමණ දියනෑමට ගිය අවස්ථාවේ මෙම අවාසනාවන්ත ඛේදවාචකයට දැරියන් දෙදෙනා බිලිව ඇත.
පැය භාගයක් ඇතුළත පිරිස එක්ව සිරුරු සොයාගෙන 1990 ගිලන් රථ සේවය අමතා රෝහල් ගත කළත් ඒ වනවිටත් ඔවුන් මියගොස් සිටි බව වාර්තා විය.
පොලිස් වාර්තා අනුව, මියගිය දැරියන් දෙදෙනා ඥාති සහෝදරියන් දෙදෙනකු වන අතර, සිය පවුලේ සාමාජිකයන් සමඟ ගල්ගමුව ප්‍රදේශයේ ඥාති නිවසකට ගොස් සිටියදී, එහි පිරිසක් සමඟ පාලුකඩවල වැවේ දිය නෑමට ගොස් මෙම ඛේදවාචකයට මුහුණ පා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval