ramboda-bus-accident-dead-loss-of-8

4.00pm
රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ප්‍රපාතයකට පෙරලුණු බස් රථය (11) දින පස්වරුවේ ගොඩගෙන ඉදිරි පරික්ෂණ කටයුතු සදහා කොත්මලේ පොලිසිය වෙත රැගෙන යනු ලැබු අතර
මෙම අනතුරින් පිරිමි පුද්ගලයන් 16ක් සහ කාන්තාවන් 06ක් ඇතුලු 22ක් ජීවිතක්ෂයට පත් වී ඇත. .
12.15pm update
රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 21ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.


11.00am update
මෙම අනතුරෙන් මියගිය සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් පිරිස් තවමත් බස් රථයට යටවී ඒ තුළ සිරවී සිටින බවද වාර්තා විය. ඒ අනුව මරණ ගණන තවත් ඉහළ යාහැකි බවට වාර්තා පළවේ
8.30 am update
 අද උදෑසන (මැයි 11) රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (SLTB) අයත් බස් රථයක් ප‍්‍රපාතයකට පෙරළීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 08 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය වාර්තා කරයි.


නුවරඑළිය-ගම්පොල ප‍්‍රධාන මාර්ගයේ සිදුවූ මෙම අනතුරින් මියගිය අය අතර පිරිමි පුද්ගලයින් 05 දෙනෙක් සහ කාන්තාවන් 03 දෙනෙකු සිටින බව කොත්මලේ පොලීසිය සඳහන් කරයි. මෙම අනතුරින් මිය ගිය පුද්ගලයින් 08 දෙනාගේ අනන්‍යතාවය මේ වන තුරු තහවුරු කර නොමැති බව වාර්තා වේ.


අනතුරින් මගීන් 35කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, ඔවුන් ප‍්‍රතිකාර සඳහා කොත්මලේ සහ නුවරඑළිය රෝහල් වෙත ඇතුළත් කර ඇත. බස් රථයේ රියදුරු ද තුවාල ලැබූවන් අතර සිටින බව වාර්තා වේ.
අනතුරට ලක්වූ බස් රථය කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල බලා ගමන් කරමින් තිබූ බවත්, ගැරඬිඇල්ල ප‍්‍රදේශයේදී පාලනය අහිමි වී ප‍්‍රපාතයට පෙරළී ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් කොත්මලේ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වමින් සිටී. අනතුරට හේතුව තවමත් නිල වශයෙන් හෙළිදරව් කර නොමැති අතර, ප‍්‍රදේශයේ පැවති අයහපත් කාලගුණය හෝ යාන්ත‍්‍රික අක‍්‍රමිකතාවක් හේතු විය හැකි බව මූලික විමර්ශනවලින් පෙනී යයි.
අදාළ බලධාරීන් සිද්ධි ස්ථානයට පැමිණ ආරක්ෂක හා සෞඛ්‍ය අංශ සමඟ එක්ව ගලවා ගැනීමේ කටයුතු මෙහෙයවන ලදී. තුවාල ලැබූවන්ගේ තත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු ලැබෙන්නට නියමිතය.

gossiplanka image 3
gossiplanka image 4


gossiplanka image 5
gossiplanka image 6


gossiplanka image 7
gossiplanka image 8
gossiplanka image 9
gossiplanka image 1