ගල්කිස්ස වෙරළ පාරට හැරෙන මංසන්ධියේදී අද (05) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් අවුරුදු 19ක තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය වාර්තා කරයි.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර,
ඉන්පසු ඔවුන් එම ස්ථානයෙන් පලා ගොස් ඇත. වෙඩි වැදීමෙන් මියගිය තරුණයා ඕබන් පෙදෙස, දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.
සිදුවීම සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර, සැකකරුවන් සොයා ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව වාර්තා වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval