
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතියේ ප්‍රධාන අභියෝගයන් ලෙස හඳුනාගෙන ඇති, රෝගීන්ට තම වෛද්‍ය ඉතිහාසය රැගෙන යාමේ අපහසුතාව සහ වෛද්‍යවරුන්ට රෝගීන්ගේ තොරතුරු සොයාගැනීමට ගතවන අධික කාලය යන ගැටලු, දේශීය තාක්ෂණික සමාගමක් විසින් නිර්මාණය කරන ලද නවීන වෙබ් යෙදුමක් මගින් විසඳීමට පියවර ගෙන තිබේ.
නොවෙස්ට්‍රා ප්‍රයිවට් ලිමිටඩ් (Novestra Pvt Ltd) සමාගම විසින් හඳුන්වා දෙන ලද "නොවෙස්ට්‍රා හෙල්ත්" (Novestra Health) නම් මෙම පද්ධතිය, සම්ප්‍රදායික සෞඛ්‍ය සේවා ක්‍රමවේදයේ පවතින සීමාවන් අභිබවා යමින්, වෛද්‍යවරුන් සහ රෝගීන් දෙපාර්ශවයටම එක සේ ප්‍රයෝජනවත් වන ආරක්ෂිත, බුද්ධිමත් සහ නවීන වෙබ් යෙදුමක් ලෙස හඳුන්වා දී තිබේ.
දේශීය සෞඛ්‍ය සේවාවන් ගෝලීය මට්ටමකට ඔසවා තැබීමේ අරමුණින් නිර්මාණය කර ඇති මෙම පද්ධතිය, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවයක් ලෙස හැඳින්විය හැකිය.
නොවෙස්ට්‍රා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නදුන් සමරවික්‍රම මහතා, මෙම නව තාක්ෂණික විසඳුම පිළිබඳව මෙසේ අදහස් දක්වයි:
"නොවෙස්ට්‍රා හෙල්ත් හරහා අපි ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට නවීනතම තාක්ෂණයන් ඒකාබද්ධ කරමින්, වෛද්‍යවරුන්ට සහ රෝගීන්ට උසස් සේවාවන් පහසුවෙන් ලබා ගත හැකි ලෝක මට්ටමේ වේදිකාවක් නිර්මාණය කරනවා. හදිසි හා බරපතල තත්ත්වයන්හිදී ජීවිත ආරක්ෂා කිරීමට තීරණාත්මක තීන්දු ගැනීම සඳහා අවශ්‍ය දත්ත වේගවත්ව, ආරක්ෂිතව සහ නිවැරදිව ලබා දෙනවා. ගැඹුරු තීක්ෂ්ණ බුද්ධිය සහිත දත්ත විශ්ලේෂණ හරහා රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට පමණක් නොව, ඔවුන්ගේ ආයු අපේක්ෂාව වැඩි කිරීමටත් අපට හැකියාව තිබෙනවා. අපගේ ඉලක්කය වන්නේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවන් ජාත්‍යන්තරව තරගකාරී, ගුණාත්මක සහ නවෝත්පාදනී ක්ෂේත්‍රයක් ලෙස ස්ථාපනය කිරීමයි."
නොවෙස්ට්‍රා හි උපාය මාර්ග ප්‍රධානී වෛද්‍ය උදාන පානදුරගේ මහතා මෙසේ අදහස් දක්වයි:
"නොවෙස්ට්‍රා හෙල්ත් නිර්මාණය කළේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වෛද්‍යවරුන්ගේ සහ Fortune 500 සමාගම් සඳහා සේවා සැපයූ, වසර 20කට වැඩි පළපුරුද්දක් ඇති අපගේ ඉංජිනේරු කණ්ඩායමේ දායකත්වයෙන්. QR කේතයක් ස්කෑන් කිරීමෙන් රෝගියාගේ සම්පූර්ණ වෛද්‍ය ඉතිහාසය ඉතා කෙටි කාලයකින් ලබා ගත හැකිවන ලෙස මෙය සැලසුම් කර තිබෙනවා. මම පෞද්ගලිකවම නොවෙස්ට්‍රා හෙල්ත් භාවිතා කළා; එය රෝගීන්ට ඉතා කෙටි කාලයකින් ගුණාත්මක සේවාවක් ලබා දීමට ඉඩ සලසන, සරල, වේගවත් සහ වෛද්‍යවරයෙකුගේ දෛනික බර අවම කරන යෙදවුමක්. හදිසි තත්ත්වයන්හිදී ජීවිත බේරා ගැනීමටත්, ගැඹුරු දත්ත විශ්ලේෂණ හරහා ආයු අපේක්ෂාව වැඩි කිරීමටත් උපකාරී වන, වෘත්තීයමය සේවාවක් ලබා දිය හැකි බව මම විශ්වාස කරනවා. නොවෙස්ට්‍රා හෙල්ත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවන් ගෝලීය මට්ටමකට ඔසවා තබනවා."
වෛද්‍යවරුන්ට ලැබෙන ප්‍රතිලාභ
- පැරණි ගොනු අතර නවතා නොසිට, QR කේතයක් ස්කෑන් කිරීමෙන් රෝගියාගේ සම්පූර්ණ වෛද්‍ය ඉතිහාසයට ක්ෂණිකව ප්‍රවේශය.
- ගුණාත්මකත්වයෙන් යුත්, කාර්යක්ෂම වෛද්‍ය සේවාවක් සැපයීමට පහසු කිරීම
- AI තාක්ෂණය මගින් ලැබෙන දත්ත සහ ප්‍රවණතා විශ්ලේෂණ මඟින් වෛද්‍යවරුන්ගේ තීරණ ගැනීම පහසු කිරීම.
- Remote Consultation මගින් ලොව ඕනෑම ස්ථානයක සිට සේවා සැපයීමේ හැකියාව. මෙම පද්ධතිය හරහා වෛද්‍යවරයාගේ කාලය වෙන්කරවමින් ලෝකයේ ඕනෑම තැනක සිට Telemedicine හරහා වෛද්‍යවරයෙකුගෙන් සේවාවක් ලබාගත හැක.
- Medical Tourism සඳහා දියුණු පහසුකම් හා සේවාවන් සැපයීම.
- විශේෂඥ නාරී සහ ප්‍රසවවේදී (Gynecology & Obstetrics), විශේෂඥ මනෝ වෛද්‍ය (Psychiatric) සහිත modules පද්ධතිය තුළ ඇති බව.
- රෝගියගේ රෝග ඉතිහාසය සේවීමට ගතවන කාලය කෙටි කර, වැඩි පිරිසකට කාර්යක්ෂමව සේවාව ලබාදීම.
- ඔබගේ වෛද්‍ය කාර්ය සාධනය සහ සායනයේ ආදායම වැඩි කර ගැනීමට හැකි වන නවීන හා ආකර්ශනීය සේවාවන් පිරිනැමීම.
ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රධාන රෝහල් සහ ගෞරවනීය වෛද්‍යවරු දැනටමත් Novestra Health ගැන ලොකු උනන්දුවක් පෙන්වනවා. ඔවුන්ගේ උද්යෝගයෙන් පේනවා මේ පද්ධතිය වෛද්‍යවරුන්ගේ සහ රෝහල් වැඩ පහසු කරනවා, රෝගීන්ට හොඳ අත්දැකීමක් දෙනවා, සහ සාමාන්‍ය වෛද්‍ය වැඩවලට නවීන තාක්ෂණය එකතු කරනවා. මේ ජනප්‍රියත්වය පෙන්නුම් කරන්නේ මේ පද්ධතියේ ඇත්ත වටිනාකම සහ සෞඛ්‍ය සේවාවේ අවශ්‍යතාවලට ගැලපෙන බවයි.
එක්වන්න
නොවෙස්ට්‍රා හෙල්ත් සමඟින්, සෞඛ්‍ය සේවාවේ නව විප්ලවයට එක්වන්න!
Comments
Post a Comment
Your comment will be visible after approval