දේශපාලනඥයන්, ඔවුන්ගේ හොංචයියන් ඇතුළු විවිධ තරාතිරම්වල 712 දෙනෙකුට අනුරාධපුර නුවර වැව රක්ෂිතයේ ඉඩම් අත්පත් කරගෙන ගෙවල්, හෝටල් සහ පිහිනුම් තටාක ඉදිකර ඇතැයි ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (20) පැවැසීය.
වැව් රක්ෂිත අල්ලා ගැනීම අද සෙල්ලමක් බවට පත්ව ඇතැයි පැවැසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු මේ ගැන පරීක්ෂණ ආරම්භ කළ යුතු බව ද සඳහන් කළේය. ඔහු මෙසේ පැවසුවේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
බලපත්‍ර ඔප්පු තියෙන අය මෙන්ම අනවසරයෙන් අල්ලාගත් පිරිස් මෙම ස්ථානයේ සිටින බවත්, ලංකාවේ වැව් රක්ෂිත බොහොමයක මෙම සෙල්ලම තදින්ම යන බවත් ඔහු ප්‍රකාශ කළේය.
දේශපාලනඥයන් මේවා අල්ලා ගන්නේ කොහොමද? බලපත්‍ර ගන්නේ කොහොමද? මේවාට උදව් කරන නිලධාරීන් කවුදැයි සෙවීමට ප්‍රාදේශීය සංවර්ධන කමිටු පරීක්ෂණ ආරම්භ කළ යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ලංකාවේ වැව් රක්ෂිත අල්ලාගෙන සිටින පිරිස් ගැන සෙවීමට තමා සූදානම් බව ද ඔහු ප්‍රකාශ කළේය.රාජාංගණ රක්ෂිතයේ අක්කර විස්සක් අල්ලාගෙන වගා කරන බවත්, මේවා කරන්නේ දේශපාලනඥයන් සහ ඔවුන්ගේ හංචයියන් බවත් රණසිංහ මහතා පැවැසීය.නිලධාරීන් මේවාට එරෙහිව පියවර ගැනීමට ගිය අවස්ථාවලදී දේශපාලනඥයන් බාධා කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval