කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය සමඟ කුඩා පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 09ක් එකඟතාවකට එළැඹ තිබේ. ජාතික ජන බලවේගයේ පැලවත්ත මූලස්ථානයේ පෙරේදා (19දා) රාත්‍රියේ පැවැති සාකච්ඡාවකදී මෙම එකඟතාව ඇතිකර ගත් බව එම පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයෝ පැවැසූහ.
එසේම තවත් කණ්ඩායම් තුනක් සමඟ ඊයේ දිනයේදී සාකච්ඡා කළ බවත් ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ජයග්‍රහණය කළ සභිකයන් 60කට ආසන්න පිරිසක් කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට එක්ව සිටින බවත් ඔවුහු සඳහන් කළහ.පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කොළඹ මහ නගර සභාවට තරග කළ එක්සත් සාම සන්ධානය (සමනලයා) සහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය (තැපැල් කුලුන) මාලිමාවට සහාය දක්වන බව ප්‍රකාශ කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval