දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව ප්‍රදේශයේදී ඊයේ සවස සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු 41ක පුද්ගලයෙකු මියගොස් තිබේ. කාර්මික දෝෂයක් හේතුවෙන් තම වාහනය මංතීරුව අයිනේ නැවැත්වූ අවස්ථාවක එම වාහනය පරීක්ෂා කරන්නට පසුපසට ගමන් කරමින් සිටියදී තවත් වාහනයක් හැප්පීමෙන් ඔහු මරුමුවට පත්ව ඇත.
අනතුර සිදුවී ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පොලිස් වසමේ කිලෝමීටර් 5.5 කණුව ආසන්නයේදී ය.පොලිසිය විසින් වාර්තා කළ පරිදි, මාතර සිට කොට්ටාව දෙසට ගමන් කරමින් සිටියදී වාහනය කාර්මික දෝෂයකට ලක්ව ඇති අතර,
ඔහුට මාර්ගය අයිනෙහි නැවැත්වීමට සිදුවී තිබේ.
වින්දිතයා වාහනයෙන් බැස තම වාහනය අසල සිටියදී, එම දිශාවටම ගමන් කළ තවත් වාහනයක් ඔහුට හැපී ඇති අතර, එම අනතුරෙන් ඔහු මරණයට පත්ව තිබේ. මියගිය පුද්ගලයා තුම්මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.
අනෙක් වාහනයේ රියදුරු සහ තවත් මගීන් දෙදෙනෙකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇත. කහතුඩුව පොලිසිය ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.
මියගිය පුද්ගලයාගේ මෘත දේහය හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
අනතුරින් පසු වාහන තිබූ අයුරු ඡායාරූපය පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval