
'සිරි දළදා දැක්ම' ප්‍රදර්ශනය හේතුවෙන් මහනුවර ආශ්‍රිත අධ්‍යාපන කලාප තුනකට අයත් ප්‍රදේශවල පිහිටි තෝරාගත් පාසල් 49ක් සඳහා නිවාඩු ලබාදීමට මහනුවර කලාප කාර්යාලය තීරණය කර තිබේ.
ඒ අනුව අප්‍රේල් 21 වනදා සිට 25 වනදා දක්වා දින 05ක කාලයක් මෙම නිවාඩු ලබා දීම සිදුකරන බව මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මාදුපානි පියසේන මහත්මිය පැවසුවාය.
මෙම පාසල්වලට සිසුන් ගමන් කිරීමේදී හැමවිට නගරය කේන්ද්‍රීය ප්‍රවාහන පහසුකම් පාවිච්චි වන නිසා ඇතිවිය හැකි තදබදය හා අවහිරතා මහගහරවාලීමට මෙම පියවරගෙන ඇත.
එම ලැයිස්තුව පහතින්
| වසා තැබෙන පාසල් | |
|---|---|
| මහනුවර කලාපය | |
| ------------- | |
| ගුරුදෙණිය මහා විද්‍යාලය | |
| විද්‍යා ලෝක විද්‍යාලය, තැන්නෙකුඹුර | |
| ධර්මරාජ විද්‍යාලය | |
| ඩී.එස්. සේනානායක මහා විද්‍යාලය | |
| මහාමයා බාලිකා විද්‍යාලය | |
| බෙරවට්ස් විද්‍යාලය | |
| බෙරවට්ස් ප්‍රාථමික විද්‍යාලය | |
| අම්පිටිය සිද්ධාර්ථ විද්‍යාලය | |
| දඹවෙළ කනිෂ්ඨ විද්‍යාලය | |
| ගෝතමී බාලිකා විද්‍යාලය | |
| ශ්‍රී රාහුල ජාතික පාසල | |
| ශා. අන්තෝනි පිරිමි විද්‍යාලය | |
| ශා. අන්තෝනි බාලිකා විද්‍යාලය | |
| වන්දානන්ද බාලිකා විද්‍යාලය | |
| විද්‍යාර්ථ විද්‍යාලය | |
| තක්ෂිලා විද්‍යාලය | |
| හේමමාලි බාලිකා විද්‍යාලය | |
| ශා. සිල්වෙස්තර විද්‍යාලය | |
| මහනුවර වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලය | |
| විවේකානන්ද විද්‍යාලය | |
| පුෂ්පදාන බාලිකා විද්‍යාලය | |
| යහපත් එඬේරාගේ කන්‍යාරාමය | |
| හිංදු ජ්‍යෙෂ්ඨ විද්‍යාලය | |
| මද්දුම බණ්ඩාර විද්‍යාලය | |
| විහාරමහාදේවී බාලිකා විද්‍යාලය | |
| උසස් බාලිකා විද්‍යාලය | |
| ස්වර්ණමාලී බාලිකා විද්‍යාලය | |
| සිද්ධිලෙබ්බේ මහා විද්‍යාලය | |
| ධර්මවික්‍රම බාලිකා විද්‍යාලය | |
| සීතාදේවී බාලිකා විද්‍යාලය | |
| කිංග්ස්වුඩ් විද්‍යාලය | |
| මහානාම මහා විද්‍යාලය | |
| රණබිම රාජකීය විද්‍යාලය | |
| සරසවි උයන මහා විද්‍යාලය | |
| පේරාදෙණිය ම.ම.වි. | |
| පේරාදෙණිය කනිෂ්ඨ ද්වීතීක විද්‍යාලය | |
| පේරාදෙණිය හිංදු විද්‍යාලය | |
| ලුම්බිණි රාජකීය විද්‍යාලය | |
| විමලබුද්ධි විද්‍යාලය | |
| රාසීන්දේව් විද්‍යාලය | |
| සෙංකඩගල වීරෝධාර විද්‍යාලය | |
| ධර්මාශෝක විද්‍යාලය | |
| සංඝමිත්තා විද්‍යාලය | |
| කැප්පෙටිපොළ විද්‍යාලය | |
| වත්තේගම අධ්‍යාපන කලාපය | |
| ------------------ | |
| මහවැලි මහා විද්‍යාලය | |
| මහනුවර ආදර්ශ විද්‍යාලය | |
| සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය | |
| දෙනුවර අධ්‍යාපන කලාපය | |
| --------------------- | |
| ඊරියගම පුෂ්පදාන විද්‍යාලය | |
| ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලය |