දේශබන්දුට ඇප
බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට ඇප ලබාදී තිබෙනවා.ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ලබා දීම සිඳු කර තිබේ .පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් , රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02ක් මත විත්තිකරු මුදා හැරීමටයි නියෝග කර තිබේ .2023 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකදී මනුෂ්‍ය ඝාතනයකට කුමන්ත්‍රණය කිරීමේ සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට චෝදනා එල්ල වී තිබිණි .ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමෙන් පසු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණු අතර අද ( 10 ) ඇප ලබා දීම සිඳු කෙරිණි .
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤 :(2008-2026)
✉️ editor@gossiplankanews.com