කීර්ති වර්ණකුලසූරිය මුලින්ම 'ජනදින' පුවත්පතෙන් සිය පුවත්පත් කලා දිවිය ආරම්භ කර ඇත. පසුව 'දිවයින' පුවත්පතට සම්බන්ධ වී එහි කර්තෘ මණ්ඩලයේ තනතුරු දරමින් දීර්ඝ කාලයක් සේවය කර ඇත.
ඔහුගේ විදේශ ප්‍රවෘත්තිද අවස්ථා කිහිපයකදී සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයට ලක්විය.
මියයන විට 73 වැනි වියේ පසුවූ කීර්ති වර්ණකුලසූරිය මහතා, සතිපතා 'දිවයින ඉරිදා සංග්‍රහය'ට ආරක්ෂක ලිපි පෙළක්ද සම්පාදනය කර ඇත. මෙම ලිපි මාලාව කියවන්නන් අතර ජනප්‍රිය විය.වර්ණකුලසූරිය මහතාගේ බිරිඳ වූ දිස්නා මහත්මිය කලකට පෙර අභාවප්‍රාප්ත වූවාය.
විශ්‍රාම ගැනීමෙන් පසුව ඔහු තම සොහොයුරු අජිත් වර්ණකුලසූරියගේ රාගම පිහිටි නිවසේ වාසය කරමින් සිටියදී රෝගාතුරව අභාවප්‍රාප්ත වී ඇත. ඔහුගේ අවසන් ඉල්ලීම පරිදි ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු චාම් ලෙස සිදුකර ඇති බව වාර්තා වේ.