yoshitha-hettiarachchi

සිසුන් දණ ගස්වා පහර දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ යෝෂිත හෙට්ටිආරච්චි නමැති උපකාරක පන්ති ගුරුවරයාට ළමා ආරක්ෂණ අධිකාරිය ඊයේ (11) පස්වරු 2 ට වේලාවක් ලබාදී  පැමිණිල්ල සම්බන්ධ වගඋත්තර බැඳිම සඳහා පැමිණෙන ලෙස දන්වා සිටියත් ඔහු පැමිනියේ නැත.
පසුව ඔහුගේ නීතීඥයින් දන්වා ඇත්තේ ඔහු මෙම කැඳවීමටත් පෙර සිට ඉරිදා සිට විදෙස්ගතව සිටින බවයි.

මෙම උපකාරක පන්ති ගුරුවරයා පෞද්ගලික කටයුත්තක් සදහා පසුගිය ඉරිදා විදෙස් ගත වූ බව ත් 19 වැනිදා නැවත ලංකාවට පැමිණි පසු ඔහු අධිකාරිය වෙත ඉදිරිපත් කරන බවත් පවසා ඇත.


දැනට වීඩියෝ පට කිහිපයක් ඔස්සේ මොහුගේ පහරදීම් ගැන විමර්ශනයව කරන අධිකාරිය
කෙරෙන විමර්ශන සදහා සහය දීමට කැමති වින්දිත දරුවන් සිටී නම් 1929 අමතා ඒ පිළිබද දැනුවත් කරන ලෙස  ඉල්ලා ඇත.
ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය දැනුම් දෙන්නේ මේ සඳහා සාක්ෂි තවත් රැස් කළ යුතු බවයි.


 උපකාරක පන්ති ගුරුවරයාට ඒරෙහි විදෙස් ගමන් තහනමක් ද ලබා ගැනීමටද ළමා රක්ෂක අධිකාරිය ඊයේ අධිකරණය මගින් කටයුතු කර තිබුණි.

නුගේගොඩ සහ ගම්පහ ප්‍රදේශවල උපකාරක පන්ති පවත්වන යෝෂිත හෙට්ටිආරච්චි නමැති ආර්ථික විද්‍යා ගුරුවරයෙකු වන මොහු පන්තිවලට සහභාගිවන
සිසුන්ට පහර දෙන විඩීයෝ මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වන අතර මෙම වීඩියෝ ඔහු විසින්ම බෙදා හැර ඇත්තේ 'නෙගටිව් මාකටින්' උපාය මාර්ගයක් ලෙස බව අන්තර්ජාලයේ කථාබහක් මතුව තිබේ.
කෙසේ වෙතත් ඇතිවූ ගැටලු වලින් පසු ඔහුගේ ගැටලුකාරී සමාජ මාධ්‍ය පළකිරීම් සියල්ල මේවනවිට අක්‍රීය කරගෙන තිබේ.