
මේ මස අගදී පැවැත්වීමට නියමිත රයිගම් ටෙලීස් 2024 සම්මාන උළෙලේ පසුගිය වසරෙහි ටෙලිනාට්‍ය රංගනයන් අතුරින් හොඳම නිළිය ලෙස නිර්දේශ ලද තිදෙනා වන්නේ තරින්දි ප්‍රනාන්දු (වියළි ) ,ශලනි තාරකා (සීයූ) හා දිනිති වල්ගමගේ (සුසුම් රස්තියාදුව) ය. මේ අය අතරින් දිනිති ප්‍රථම වරට මෙවැනි සම්මානයක් සඳහා නිර්දේශවී තිබෙන අතර ඇය සිය සතුට සමාජ මාධ්‍ය සමග බෙදාගන්නට පෝස්ටුවක් පළකර තිබේ.
මින් ඉහත යූටියුබ් වැඩසටහනකදී සම්මාන ලැබීම් ගැන කළ විමසීමකදී ' අපේ ගෙදර සම්මාන පිරිලා තියෙන්නේ' යයි දිනිති කළ ප්‍රකාශයක්ද සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයට ලක්වූ අතර ගයාන් පෙරේරාගේ සංගීත වීඩියෝවකටද එම කොටස උපුටාගෙන තිබුණි. කෙසේ වෙතත් සිය නිවසේ සම්මාන පෙන්වන්නටද දිනිති ඒ කාලේ විවේචන වලින් පසු වීඩියෝවක් කර තිබුණි.
හොඳම නිළියට නම නිර්දේශ වූ පසුව දිනිති පළ කළ පෝස්ටුව පහතින්


Comments
Post a Comment
Your comment will be visible after approval