
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඊට අදාළ ලිපිය ඒ මහතා විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත යොමුකර ඇති බව වාර්තා වේ.
මීට අදාළ හේතුව සඳහන් නොවන නමුත් පුද්ගලික හේතුවක් යයි කරුණු දක්වා ඇත.
පසුගිය දිනවල බුද්ධික මනතුංග මහතා මාධ්‍ය සාකච්ඡා ගණනාවකින් බැහැරව සිටියේය.