
ලැබී ඇති තොරතුරු අනුව යානය කඩා වැටී ඇත්තේ පොල් වත්තකටය. එහිදී යානය ගිනිගෙන විනාශවී ඇති අතර අවට පිරිස් එය වීඩියෝ කරන්නට හා නරඹන්නට පොරකමින් පැමිණ තිබේ.
මේ අතර යානයේ ගමන් කළ දෙන්නා පැරෂුට් ආධාරයෙන් නිරුපද්‍රිතව පතිත වන අයුරුද ඡායාරූපයට නැගී ඇත.
K-8 මුල් වරට 1994 සිට වාණිජව නිපදවීම ඇරඹූ ජෙට් යානා විශේෂයක් වන අතර, එය රටවල් කිහිපයක ගුවන් හමුදා විසින් භාවිතා කරයි.K-8 ජෙසිල් 8 (JL-8) ලෙස ද හැඳින්වෙයි.
චීනය සහ පකිස්ථානය අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙම යානා විශේෂය නිර්මාණය විය. එය තනි එන්ජිමක් සහිත, ආසන දෙකක උසස් ජෙට් පුහුණු හා සැහැල්ලු ප්‍රහාරක ගුවන් යානයක් ලෙස නිර්මාණය කරන ලදී. K-8 යානයක දිග මීටර් 11.6ක් වන අතර, විවිධ එන්ජින් විකල්ප ඇත. ගුවන් යානයට ඉන්ධන හා අවි ආයුධ කිලෝග්‍රෑම් 1,000ක් දක්වා ගෙන යා හැකිය.




