
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එළඹෙන අප්‍රේල් මස මුල් සතියේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු ආරංචි මාර්ග තහවුරු කර ඇත. මෙම සංචාරය අප්‍රේල් 5 වැනි දිනට ආසන්න දිනයක සිදුවනු ඇති බව වාර්තා වේ.
මෙම සංචාරය සිදුවන්නේ පසුගිය දෙසැම්බර් මාසයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවර සිදුකළ සංචාරයේදී අග්‍රාමාත්‍ය මෝදි මහතාට කරන ලද විශේෂ ආරාධනයක් මත බව සඳහන් වේ. ජනාධිපති දිසානායක මහතා ඉන්දියාවේ නිල සංචාරයේ දී දෙරට අතර පවතින දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය නායකයා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කර තිබුණි.
ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මෙම සංචාරයේදී ඉන්දියානු ආයෝජන යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නියමිත විවිධ ව්‍යාපෘති පිළිබඳව සවිස්තරාත්මක සාකච්ඡා පැවැත්වෙනු ඇති බවයි. මේ අතර ප්‍රමුඛතම ව්‍යාපෘති ලෙස උතුරු නැගෙනහිර ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීමට යෝජිත සුළං හා සූර්ය බලශක්ති ව්‍යාපෘති, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ නවීකරණය සහ භාවිතය පිළිබඳ ව්‍යාපෘතිය, සහ කොළඹ වරායේ බටහිර පර්යන්ත ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීම ආදිය ඇතුළත් වේ.
මෙම ව්‍යාපෘති දෙරට අතර ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවීමට මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලියට ද විශාල පිටුවහලක් වනු ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.
එසේම, දෙරට අතර පවතින සුවිශේෂී ගැටලුවක් වන ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සීමාවේ නීති විරෝධීව මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් ද මෙම සංචාරයේදී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. මෙම ගැටලුව වසර ගණනාවක් පුරා පවතින අතර,
විදේශ කටයුතු ආරංචි මාර්ග තවදුරටත් පෙන්වා දෙන්නේ, අග්‍රාමාත්‍ය මෝදි මහතාගේ පැමිණීමේ නිශ්චිත දිනය තවමත් අවසන් වශයෙන් තීරණය කර නොමැති බවත්, සංචාරය සඳහා යෝජිත දිනයන්හි යම් වෙනස්කම් සිදුවිය හැකි බවත්ය. කෙසේ වෙතත්, සංචාරය අප්‍රේල් මාසයේ මුල් සතියේදී සිදුවනු ඇති බව තහවුරු කර ඇත.
සැලකිය යුතු කරුණක් වන්නේ මෙය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම අවස්ථාව නොවීමයි. ඔහු මීට පෙර 2015, 2017 සහ 2019 වසරවලදී ශ්‍රී ලංකාවට පැමිණ ඇත. එම සංචාර අවස්ථාවලදී ද දෙරට අතර ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා විවිධ ගිවිසුම් අත්සන් කර ඇත.
මෝදි මහතාගේ මෙම සංචාරය ශ්‍රී ලංකාව - ඉන්දියාව අතර පවතින ඓතිහාසික හා සංස්කෘතික බැඳීම් තවදුරටත් ශක්තිමත් කිරීමටත්, ආර්ථික හා වෙළඳ සබඳතා ප්‍රවර්ධනය කිරීමටත් සුවිශේෂී අවස්ථාවක් වනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව විශ්වාස කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval