
මුලතිව් දිස්ත්‍රික්කයේ කොක්කුලායි පොලිස් බල ප්‍රදේශයට අයත් කොක්කුතොඩුවායි ප්‍රදේශයේ පිහිටි සමූහ මිනීවල කැණීම් කටයුතු නිම කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් පවත්වනු ලබන නඩු විභාගය
පසුගිය මාසයේ බ්‍රහස්පතින්දා (27) දින මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේ ධර්මලිංගම් ප්‍රදීපන් මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, මුලතිව් දිස්ත්‍රික් නීති වෛද්‍ය නිලධාරී කේ. වාසුදේවා මහතා, අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ නීතිඥයින් සහ අතුරුදහන් කරනු ලැබූ පුද්ගලයන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටියහ.
මුලතිව් දිස්ත්‍රික් නීති වෛද්‍ය නිලධාරී කේ. වාසුදේවා මහතා මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කොක්කුතොඩුවායි මිනීවල සම්බන්ධයෙන් වාර්තා දෙකක් ඉදිරිපත් කර ඇත.
පළමුවෙන්ම, කොක්කුතොඩුවායි මිනීවලෙන් හමු වූ අස්ථි සැකිලි මත තිබූ ඇඳුම් පිළිබඳ විශ්ලේෂණ වාර්තාව සහ දෙවනුව, කොක්කුතොඩුවායි මිනීවල කැණීම් කටයුතු අතරතුර හමු වූ මිය ගිය පුද්ගලයින් හඳුනා ගැනීමට උපකාරී වන භාණ්ඩ පිළිබඳ වාර්තාවකි.
දෙවන වාර්තාවේ කැණීම් කටයුතු අතරතුර සොයා ගත් හැඳුනුම්පත් තහඩු, ඇඳුම් මත සඳහන් කර තිබූ අංක සහ වෙනත් විස්තර ඇතුළත් තොරතුරු ඉදිරිපත් කර ඇති අතර මෙම හැඳුනුම්පත් තහඩු හිමි පුද්ගලයින්ගේ ඥාතීන් ඉදිරිපත් වුවහොත්, මිය ගිය පුද්ගලයින් පහසුවෙන් හඳුනා ගත හැකි බව සඳහන් කර තිබේ.
වාසුදේවා මහතා පැවසුවේ, අවසන් වාර්තාව ඉදිරි සති හය තුළ ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවත්, අවසන් වාර්තාවේදී නීති වෛද්‍යවරුන්ගේ සම්පූර්ණ වාර්තාව - මිය ගියවුන් ඇයි මිය ගියේ, කුමන හේතුවක් නිසා මිය ගියේද, ඔවුන්ගේ වයස, උස ආදී තොරතුරු ඇතුළත් වාර්තා සති හයක කාලය තුළ ඉදිරිපත් කරනු ලබන බවත්ය.
නඩුව මාර්තු මස 27 වන දිනට කල් තබා ඇත.
කොක්කුතොඩුවායි සමූහ මිනීවල සොයා ගැනීම ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වීමෙන් වසර ගණනාවකට පසුව සිදු වූ සොයා ගැනීමක් වන අතර,
එය අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබඳව විමර්ශනය කිරීමේ ක්‍රියාවලියේ සැලකිය යුතු පියවරක් ලෙස සැලකේ.
අස්ථි සැකිලි, ඇඳුම්, හැඳුනුම්පත් තහඩු සහ පුද්ගලික භාණ්ඩ ඇතුළු මිනීවලෙන් සොයා ගත් සාක්ෂි, ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන අදියරේදී අතුරුදහන් වූ බව වාර්තා වූ පුද්ගලයින්ට සිදු වූ දේ පිළිබඳව වැදගත් තොරතුරු සැපයිය හැකි බව විශේෂඥයෝ විශ්වාස කරති.

Comments
Post a Comment
Your comment will be visible after approval