indian-student-studying-in-america-goes-missing-after-a-trip-with-friends

ඇමරිකාවේ පිට්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ තුන්වන වසර සිසුවියක වන සුදික්ෂා කොනන්කි, තම සගයන් සමඟ වසන්ත විවේක සංචාරයකට සහභාගී වෙමින් සිටියදී ඇය පුන්ටා කානා වෙරළේ උදෑසන ඇවිදීමකට ගොස් අතුරුදහන් වී ඇති බව බලධාරීන් වාර්තා කර තිබේ.
සුදික්ෂා කොනන්කි නමැති 20 හැවිරිදි විශ්ව විද්‍යාල සිසුවිය වර්ජිනියාවේ ලවුඩවුන් කවුන්ටි ප්‍රදේශයේ පදිංචිව සිටි අතර ඉන්දියානු පුරවැසියෙකි.
ඇයට මිතුරියන් කන්ඩායමක් සිටි අතර ඔවුන් සමග ඩොමිනිකන් සමූහාණ්ඩුවේ සංචාරයේ යෙදී සිටියදී පුන්ටා කානා හි වෙරළක උදෑසන ඇවිදින්නට ගොස් අතුරුදහන් වී ඇත. පිට්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ වගකිවයුත්තන්
ප්‍රදේශීය බලධාරීන් සහ ඇමරිකානු ආයතන මෙන්ම ඉන්දීය තානාපති කාර්යාලයද ඇය සොයා ගැනීමේ මෙහෙයුම්වල නිරත වී සිටින අතර, මෙම වනතුරු සාර්ථක ප්‍රතිඵල වාර්තා වී නොමැත. බලධාරීන් ඩ්‍රෝන සහ හෙලිකොප්ටර් ඇතුළු නවීන තාක්ෂණය යොදාගෙන තම සෙවීමේ මෙහෙයුම් දිගටම කරගෙන යති.


කොනන්කි තම විශ්ව විද්‍යාල සගයන් හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සමඟ වසන්ත සෘතුවේ විවේක සංචාරයක් සඳහා මෙම රටට ගොස් ඇති අතර, ඇය අවසන් වරට දුටුවේ මාර්තු 6 වන බ්‍රහස්පතින්දා, රියු රෙපබ්ලිකා රිසෝට් හි වෙරළේ ඇවිදින අතරතුරදීය.
කොනන්කි සමඟ සංචාරය කරමින් සිටි කණ්ඩායම සංචාරයෙන් ආපසු පැමිණ තිබේද නැතහොත් ඇය අවසන් වරට දැක ඇති අවස්ථාවේදී ඔවුන් ඇය සමඟ සිටියේද යන්න පැහැදිලි නැත.
ඉන්දියාවේ තානාපති කාර්යාලය ඇය සෙවීමට උනන්දුවෙන් කටයුතු කරමින් සිටී.

කොනන්කිගේ අතුරුදහන් වීම පිළිබඳ දැන්වීම් පුවත්පත්වලද පළකර තිබේ.
 තුන්වන වසර විශ්ව විද්‍යාල සිසුවියගේ උස අඩි 5 අඟල් 3ක් වන අතර, කළු හිසකෙස් සහ දුඹුරු ඇස් ඇති ඇය අවසන් වරට දැක ඇත්තේ දුඹුරු පාට බිකිනියක්, රවුම් කරාබු, පාද මාලයක් සහ අත් පළඳනා කිහිපයක් පැළඳ සිටි බව අතුරුදහන් දැන්වීමට අනුව සඳහන් වේ.